ආර්. සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් ජුනි 30 වනදා සිට පාර්ලිමේන්තුවේ මන්ත්රි ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය.
අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය හෙට දහවල් 2 සිට 4 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිත බවද කථානායකවරයා පැවසීය.