Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අභාවප්‍රාප්ත සම්පන්දන්ගේ දේහය බොරැල්ලට
    Featured

    අභාවප්‍රාප්ත සම්පන්දන්ගේ දේහය බොරැල්ලට

    By LFNJuly 1, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත අද (01) උදෑසන රැගෙන ගියේය.

    කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

    මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

    1933 පෙබරවාරි මස 05 වැනිදා උපත ලද රාජවරෝදියම් සම්පන්දන් මහතාව කවුරුත් හඳුනාගෙන සිටියේ ආර්. සම්පන්දන් ලෙසය.

    යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු තවත් පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය හදාරා තිබුණි.

    වෘත්තියෙන් නීතීඥවරයකු වූ ඒ මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තු වරම් දිනාගත්තේය.

    ඒ අනුව 1977 සිට 1983 දක්වාත් , 1997 සිට 2000 දක්වාත් , 2001 සිට මියෙනතුරුත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

    යහපාලන ආණ්ඩුව පැවති සමයේ වසර 3ක කාලයක් ආර්. සම්පන්දන් මහතා මෙරට පාර්ලිමේන්තුවේ 14 වැනි විපක්ෂ නායකවරයා ලෙසද පත්ව සිටියේය.

    දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් සිය හඬ අවදි කළ ආර්. සම්පන්දන් මහතා මෙරට දෙමළ දේශපාලන ව්‍යාපාරය තුළ කේන්ද්‍රීය සහ තීරණාත්මක සාධකයක් විය.

    මේ අතර ආර්. සම්පන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා x සටහනක් තබමින් ශෝකය ප්‍රකාශ කර තිබේ.

    එමඟින් දැක්වෙන්නේ, අඩසියවසකට වැඩි කලක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවය කළ ආර්. සම්පන්දන් මහතා සියලුම ශ්‍රී ලංකිකයන්ට සම අයිතිය ලබාගැනීම සඳහා බලාපොරොත්තුවේ ප්‍රදීපයක් වූ බවය.

    එමෙන්ම සම්පන්දන් මහතාගේ අභාවය මෙරට දේශපාලන ක්ෂේත්‍රයට දැරිය නොහැකි පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිය X අවකාශය ඔස්සේ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය ය අවසන් කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා කරුණු පැහැදිලි කළේය.

    එහිදී ඔහු පැවසුවේ හෙට (02) දිනය පුරාම ආර්. සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තබා පසුව එළැඹෙන බදාදා (03) දිනයේ දී ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තුව වෙත ගෙන යන බවය.

    පසුව එතුමාගේ දේහය ත්‍රිකුණාමලය වෙත ගෙන යන බවත් අවසන් කටයුතු සිදුකරන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉරිදා (07) දිනයේ දී අවසන් කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සුමන්දිරන් මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202608 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.