Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැරිස් එකඟතා ගිවිසුම් ගැන රාජ්‍ය ඇමති හෙළිකරයි
    Featured

    පැරිස් එකඟතා ගිවිසුම් ගැන රාජ්‍ය ඇමති හෙළිකරයි

    By LFNJune 28, 2024No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමට අවශ්‍ය ප්‍රධාන අදියර තුනෙන් අදියර 2ක් මේ වනවිට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඔහු පැවසුවේ ඉතිරිව ඇති අනෙක් අදියර වන පෞද්ගලික බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

    රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් ණය ගෙවන කාලය ආසන්න වශයෙන් 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුවන බවත්ය.

    “නැවත ආර්ථිකය යථාවත් කිරීමේදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ වෙනුවෙන් රටේ ජනතාව විශාල කැපකිරීම් රාශියක් කළා. ජනාධිපතිතුමා දීපු නායකත්වය මේ රටේ ආර්ථිකය ගැන සම්බන්ධයෙන් නැවත බලාපොරොත්තුවත් ඇති කර ගැනීමට හැකි වුණා. මෙතන වැදගත් වෙන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීම. කොටස් 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දේශීය ණය ප්‍රශස්ථ කිරීමේ වැඩසටහන අපි අවසන් කළා. දෙවන අදියර විදියට ද්වීපාර්ශවික ණය හිමියන් සමග ප්‍රතිව්‍යූහගත කිරීම දැන් අවසන් කරලා තියෙන්නේ. ඊළඟට අපිට පෞද්ගලික බැඳුම්කර හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු ඉදිරියේ දී සිදුකරනවා. වැදගත් වෙන්නේ මේ ලබාගත්ත ප්‍රතිව්‍යූහගතකරණය තුළින් රටට ලැබෙන ප්‍රතිලාභය. ණය ප්‍රතිව්‍යූහගතකරණය විවිධ ක්‍රමවේද ඔස්සේ කරන්න පුළුවන්. නමුත් ලෝකයේ සම්මත ක්‍රමවේද ඔස්සේ තමයි ඉදිරියට ගමන් කරන්න වෙන්නේ. නමුත් මේ ප්‍රතිව්‍යූහගතකරණයට ද්විපාර්ශවික ණයහිමියන් එකඟතාවය පළකරන්නේ ආර්ථීක ස්ථාවර වෙලා වර්ධනය වෙලා ඉදිරියට යන ගමන් මඟ තුළ ඇති කරගන්න විශ්වාසය තුළ. අපි කැපවීමෙන් මේ විශ්වාසය ගොඩනැගුවේ නැතිනම් අපි අනාගතවාදී ආර්ථික දර්ශනයක් එක්ක ගමන් කරන්න කටයුතු කළේ නැතිනම් අපේ ණයහිමියන් ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වෙන්නේ නෑ. අපි ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් බලාපොරොත්තු වන්නේ ණය ගෙවන කාලය දීර්ඝ කරගන්න. ආසන්න වශයෙන් 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුකරනවා. ඒ වගේම පොලි අනුපාතයන්වල අඩුවීමක් සිදුවෙනවා. මේ ගැන අනවබෝධයෙන් ප්‍රකාශ සිදුකරන අය බොහෝ වෙලාවට කියන්න උත්සාහ කරනවා අපි මේ ණය කපාහැරීමකට එකඟතාවක් ඇතිවෙලා නෑ කියලා. ඒ ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන තියෙන අනවබෝධය. මෙය රටක් හැටියට ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවන්න අරගත්තු ඉතාම වැදගත් තීන්දුවක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.