Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැරිස් එකඟතා ගිවිසුම් ගැන රාජ්‍ය ඇමති හෙළිකරයි
    Featured

    පැරිස් එකඟතා ගිවිසුම් ගැන රාජ්‍ය ඇමති හෙළිකරයි

    By LFNJune 28, 2024No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමට අවශ්‍ය ප්‍රධාන අදියර තුනෙන් අදියර 2ක් මේ වනවිට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඔහු පැවසුවේ ඉතිරිව ඇති අනෙක් අදියර වන පෞද්ගලික බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

    රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් ණය ගෙවන කාලය ආසන්න වශයෙන් 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුවන බවත්ය.

    “නැවත ආර්ථිකය යථාවත් කිරීමේදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ වෙනුවෙන් රටේ ජනතාව විශාල කැපකිරීම් රාශියක් කළා. ජනාධිපතිතුමා දීපු නායකත්වය මේ රටේ ආර්ථිකය ගැන සම්බන්ධයෙන් නැවත බලාපොරොත්තුවත් ඇති කර ගැනීමට හැකි වුණා. මෙතන වැදගත් වෙන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීම. කොටස් 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දේශීය ණය ප්‍රශස්ථ කිරීමේ වැඩසටහන අපි අවසන් කළා. දෙවන අදියර විදියට ද්වීපාර්ශවික ණය හිමියන් සමග ප්‍රතිව්‍යූහගත කිරීම දැන් අවසන් කරලා තියෙන්නේ. ඊළඟට අපිට පෞද්ගලික බැඳුම්කර හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු ඉදිරියේ දී සිදුකරනවා. වැදගත් වෙන්නේ මේ ලබාගත්ත ප්‍රතිව්‍යූහගතකරණය තුළින් රටට ලැබෙන ප්‍රතිලාභය. ණය ප්‍රතිව්‍යූහගතකරණය විවිධ ක්‍රමවේද ඔස්සේ කරන්න පුළුවන්. නමුත් ලෝකයේ සම්මත ක්‍රමවේද ඔස්සේ තමයි ඉදිරියට ගමන් කරන්න වෙන්නේ. නමුත් මේ ප්‍රතිව්‍යූහගතකරණයට ද්විපාර්ශවික ණයහිමියන් එකඟතාවය පළකරන්නේ ආර්ථීක ස්ථාවර වෙලා වර්ධනය වෙලා ඉදිරියට යන ගමන් මඟ තුළ ඇති කරගන්න විශ්වාසය තුළ. අපි කැපවීමෙන් මේ විශ්වාසය ගොඩනැගුවේ නැතිනම් අපි අනාගතවාදී ආර්ථික දර්ශනයක් එක්ක ගමන් කරන්න කටයුතු කළේ නැතිනම් අපේ ණයහිමියන් ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වෙන්නේ නෑ. අපි ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් බලාපොරොත්තු වන්නේ ණය ගෙවන කාලය දීර්ඝ කරගන්න. ආසන්න වශයෙන් 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුකරනවා. ඒ වගේම පොලි අනුපාතයන්වල අඩුවීමක් සිදුවෙනවා. මේ ගැන අනවබෝධයෙන් ප්‍රකාශ සිදුකරන අය බොහෝ වෙලාවට කියන්න උත්සාහ කරනවා අපි මේ ණය කපාහැරීමකට එකඟතාවක් ඇතිවෙලා නෑ කියලා. ඒ ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන තියෙන අනවබෝධය. මෙය රටක් හැටියට ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවන්න අරගත්තු ඉතාම වැදගත් තීන්දුවක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 20250105 Views

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.