Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විජයදාස හැප්පෙන තැන
    Featured

    විජයදාස හැප්පෙන තැන

    By LFNJune 26, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති සහ ලේකම් තනතුරු දරන විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

    මේ අතර අධිකරණ සේවා සංගමය පෙරේදා නිවේදනය කළේ, අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අධිකරණ දුන් තීන්දුවලින් අතෘප්තිමත් වූ විජයදාස රාජපක්ෂ මහතා අපක්ෂපාතී විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක නිරත වී සිටින බවය.

    අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදුකරන ලද වගකීම් විරහිත ප්‍රකාශ තුළ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්වී ඇති බව අධිකරණ සේවා සංගමය ඊයේ නිවේදනය කළේය.

    කෙසේවෙතත් එම නිවේදනය සම්බන්ධයෙන් අද කථානායකවරයා වෙත ලිපියක් යොමුකළ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ අංක 328 දරන චක්‍රලේඛය මගින් දිසා විනිසුරුවන් සහ මහෙස්ත්‍රාත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකිරීම වළකා තිබියදී, මෙවැනි නිවේදනයක් කිරීම සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගත හැකි බවය.

    එමෙන්ම අධිකරණ සේවා සංගමය නිකුත් කළ අදාළ නිවේදනයේ ඇතුළත් ප්‍රකාශ තුළ සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන බවද අමාත්‍යවරයා පවසයි.

    එබැවින් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක මහතා සහ එම සංගමයේ ලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 20250119 Views

    පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින්…

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025

    මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.