Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විජයදාස හැප්පෙන තැන
    Featured

    විජයදාස හැප්පෙන තැන

    By LFNJune 26, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති සහ ලේකම් තනතුරු දරන විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

    මේ අතර අධිකරණ සේවා සංගමය පෙරේදා නිවේදනය කළේ, අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අධිකරණ දුන් තීන්දුවලින් අතෘප්තිමත් වූ විජයදාස රාජපක්ෂ මහතා අපක්ෂපාතී විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක නිරත වී සිටින බවය.

    අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදුකරන ලද වගකීම් විරහිත ප්‍රකාශ තුළ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්වී ඇති බව අධිකරණ සේවා සංගමය ඊයේ නිවේදනය කළේය.

    කෙසේවෙතත් එම නිවේදනය සම්බන්ධයෙන් අද කථානායකවරයා වෙත ලිපියක් යොමුකළ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ අංක 328 දරන චක්‍රලේඛය මගින් දිසා විනිසුරුවන් සහ මහෙස්ත්‍රාත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකිරීම වළකා තිබියදී, මෙවැනි නිවේදනයක් කිරීම සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගත හැකි බවය.

    එමෙන්ම අධිකරණ සේවා සංගමය නිකුත් කළ අදාළ නිවේදනයේ ඇතුළත් ප්‍රකාශ තුළ සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන බවද අමාත්‍යවරයා පවසයි.

    එබැවින් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක මහතා සහ එම සංගමයේ ලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.