Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇතැම් ඖෂධ හිඟ බව සෞඛ්‍ය ඇමති කියයි

    August 24, 2025

    ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

    August 24, 2025

    ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි

    August 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වාහන ගෙන්වීම ගැන සංචාරක අමාත්‍යාංශයට චෝදනාවක්
    Local News

    වාහන ගෙන්වීම ගැන සංචාරක අමාත්‍යාංශයට චෝදනාවක්

    By LFNJune 25, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක අමාත්‍යංශය මඟින් වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාව මඟින් එක් පාර්ශ්වයකට පමණක් සහන සැලසීමට කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ එමඟින් රජයේ අපේක්ෂිත කිසිදු අරමුණක් ඉටුනොවන බවය.

    “සියලුදෙනාම දන්නවා මේ වාහන ආනයනය 2020 මාර්තු 20 වෙනිද ඉදන් නැවැත්තුවා. ඊට පස්සේ මේ වෙනකම් අවුරුදු 04ක් 05 අතර කාලයක් කිසිම වාහනයක් ආනයනය කරන්න රජය විසින් කිසිම අවස්ථාවක් ලබාදීලා නැහැ. පළවෙනි කාරණය තමයි සංචාරක අමාත්‍යාංශය විසින් ඉදිරිපත්කරලා තියෙන මේ වාහන 1,000ක් ගෙන්න හදන කැබිනට් පත්‍රිකාව.

    මේක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ ඉඩම් හා සංචාරක අමාත්‍යාංශයෙන්. මේකේ තියෙන විදිහට වාහන 1,000ක් ඒ කියන්නේ බස් සහ වෑන් රථ ආනයන කරන්න සුළු පිරිසකට ඒ කියන්නේ බ්‍රෑන්ඩ්නිව් එජන්ට්ලට විතරක් අවස්ථාවක් ලබාදිලා තියෙනවා.

    එකෙන් කරලා තියෙන්නේ දහස් ගණනක් ඉන්න තව ආනයනකරුවන් ඔක්කොම කපලා. ඒ අයට නොදී මේ සුළු පිරිසකට විතරක් ඒ අයගේ ලාභ ප්‍රයෝජන තකා බොහොම සූක්ෂම විදිහට සංචාකර අමාත්‍යාංශය විසින් ඒක ක්‍රියාවට නංවලා තියෙනවා.

    අපි බ්‍රෑන්ඩ්නිව් ඒජන්ට් කෙනෙක්ගෙන් වාහනයක් ඇනවුම් කළොත් ඒ වාහන එන්න මාස 06ක් 8ත් අතර ප්‍රමාණයක් යනවා. ඒක තමයි නොර්මල් ප්‍රසීඩියර් එක. නමුත් එහෙම නෙමෙයි අපි අද ඇනවුමක් දැම්මොත් අපිට ඊළඟ මාසය වෙද්දි වාහනය ගෙනත් දෙන්න පුළුවන්. අපිත් බලන්නේ මේ ඉස්සරහාට එන ටුවරිසම් සීසන් එකට ලෑස්ති වෙන්න.

    මේක එජන්ට් කෙනෙක්ගෙන් ඕඩර් කරලා මේ වාහනය කිසිම වෙලාවක ටුවරිසම් සීසන් එකට ලබාදෙන්න බැහැ. ඊට අමතරව අපිට වෙන රටකින් වාහනයක් ගද්දි ඒ රටේ බදු සියල්ල ඔක්කොම ක්ලේම් කරන්න පුළුවන්. අපි හිතමුකෝ එහේ වානයේ ප්‍රයිස් එකට ජපානයෙන් වාහනයක් ගේනවානම් 10%ක් ක්ලේම් කරන්න පුළුවන්. එතකොට එංගලන්තයේ වගේ රටක වාහනයක් ගෙනාවොත් වැට් එක 20%ක් අඩුවෙනවා. ඔස්ට්‍රේලියාවේ 10%ක් අඩුවෙනවා. එතකොට මේකත් ලංකාවේ මහා භාණ්ඩාරගයට එන ඉතුරුවක්. එතකොට මේ ඔක්කොම ලංකාවට එන ඉතුරුවක් තමයි මේ සංචාරක අමාත්‍යාංශය නවත්වන්න යන්නේ ඒ අයගේ ලාභ ප්‍රයෝජනය තකා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

    August 24, 2025

    ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි

    August 24, 2025

    ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයයි

    August 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,347 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,278 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    ඇතැම් ඖෂධ හිඟ බව සෞඛ්‍ය ඇමති කියයි

    August 24, 20250113 Views

    පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම්…

    ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

    August 24, 2025

    ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි

    August 24, 2025

    ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයයි

    August 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.