Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෙරපාසල් ගුරු දීමනාව රුපියල් 2,500කින් වැඩි කරයි
    Featured

    පෙරපාසල් ගුරු දීමනාව රුපියල් 2,500කින් වැඩි කරයි

    By LFNJune 25, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, මඩකලපුව ප්‍රදේශයේ තරුණ පිරිස් හමුවූ අවස්ථාවේදීය.

    සිය නැගෙනහිර සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයට පැමිණියේය.

    එහිදී පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක්වූ අතර ඔවුන් සිය ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය.

    ප්‍රශ්නය – නැගෙනහිර පළාතේ පමණක් පෙර පාසල් 1800 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. නමුත් එහි ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. ඔවුන්ගේ දිමනාව වැඩි කිරීමට අදහසක් තිබෙනවාද?

    ජනාධිපතිවරයා – “පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට අප තීරණය කළා. එම වැඩි කිරීම මේ සතියේ සිට ක්‍රියාත්මක වන බව කිවයුතුයි.”

    ප්‍රශ්නය – ස්ථීර නිවාස ඇතුළු මූලික පහසුකම් නොමැති විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔවුන් වෙනුවෙන් නිවාස යටිතල පහසුකම් සපුරාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවාද?

    ජනාධිපතිවරයා – “මේ වසරේ අවසන් කාර්තුව මැතිවරණ පැවැත්වෙන කාලසීමාවක්. ඒ නිසා එම කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට නොහැකි වුවත් ඊළඟ වසර කිහිපය තුළ මෙම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා.”

    “ඒ වගේම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය විශාල ලෙස දියුණු කිරිමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙන අතර කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ තුළින් ඉදිරි වසර කිහිපය තුළ මේ පළාතේ විශාල දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය ඇතුළු ත්‍රිකුණාමල නගරය සංවර්ධනය වෙනුවෙන් අප ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. මෙම කටයුතු සමඟ ඉදිරියේදී නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ද උදා වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.