Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සියලුදෙනා සහාය නොදැක්වුවහොත් රට යළි අර්බුදයකට පත්වන බව ජනපති කියයි
    Featured

    සියලුදෙනා සහාය නොදැක්වුවහොත් රට යළි අර්බුදයකට පත්වන බව ජනපති කියයි

    By LFNJune 22, 2024No Comments2 Mins Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

    සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

    “අමාරු කාලයේ රජයේ ආයතන කඩා වැටුණු අවස්ථාවේ දී ඔබ ඉදිරියට ඇවිත් මේ වගකීම ඉටු කළේ. ඒ කාලේ ඖෂධ තිබුණේ නෑ. ඖෂධ තිබුණත් සල්ලි තිබුණේ නෑ. පැනලා ගියා නම් රට කඩා වැටෙනවා. තමන් තමන්ගේ යුතුකම ඉෂ්ට කළා. ඒකයි අපි රටේ හැම එක්කෙනාගෙන්ම බලාපොරොත්තු වෙන්නේ. අවාසනාවකට ඒක සිදුවන්නේ නෑ. ඔබතුමන්ලා කොහොම ද පැනලා දුවන්නේ කියලා දන්නේ නෑ. මම කොහොම ද පැනලා දුවන්නේ කියලා දන්නේ නෑ. රට භාරගත් අවස්ථාවේ දී මට මතකයි එදා තිබුණ හිඟය. එදා අපිට බෙහෙත් ගේන්න විදේශ විනිමය නෑ. පොහොර ගේන්න විදේශ විනිමය නෑ. තෙල් ගේන්න විදේශ විනිමය නෑ. ආණ්ඩුවේ මුදල් නෑ. එහෙම තත්ත්වයක් තිබුණේ. මොකද්ද දෙන්නේ කියන එක හරි අමාරු තීරණයක්. පසුගිය කාලය තුළ දී අමාරු තීරණ ගොඩක් ගන්න වුණා. වැට් වැඩිකරනවා ද නැද්ද? වැට් වැඩි කරපු මාස දෙකේ බැනුම් අහපු හැටි. ඒත් රුපියල ස්ථාවර වුණ නිසයි අපි අද මෙතැන ඉන්නේ.”

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “IMF සංවිධානය සමග දෙවැනි වටයේ අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡා කරලා අපි මෙතෙක් කල් ගෙනියන වැඩසටහනත් හරි අනාගතයේ ගෙනියන එකත් හරි කියලා යෝජනා කළා. අපි යම් තත්ත්වයකට ඇවිල්ලා. මෙතැන ඉඳන් ණය ගෙවන්න ආපහු. දැනට අපි චීනය එක්ක කතා කරනවා මේ වැඩ අවසන් කරන්න. එන සුමානේ පැරිස් සංගමයේ සහ එයට අයිති නොවන රටවලුත් හම්වෙලා දෙකම එකතු වෙලා OCC නිල වශයෙන් ණයදෙන අයගේ කමිටුව සමග සාකච්ඡා කරන්න. එතැන එකඟත්වයට ඇවිත් වැටුණ වළෙන් එළියට එන්න බලන්නේ. එළියට ආවා කියලා හිතන්න එපා ගමන ඉවරයි කියලා. අපි මේක හැදුවේ නැත්නම්, අලුත් ආර්ථිකයකට ගියේ නැත්නම් අපි ආපහු වැටෙනවා. දෙවැනි වතාවටත් අපි එතැනට යන්න ඕනේ ද?”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.