Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජිතගෙන් ජනපතිට පැසසුම්
    Featured

    රාජිතගෙන් ජනපතිට පැසසුම්

    By LFNJune 22, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය සමයේ ආණ්ඩුව භාරගත් නිසා අද වන විට රට අර්බුදයෙන් ගැලවී ඇති බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,

    “බෙහෙත් පෙත්තක් බොන්න බැරි වුණ රටක තමා අද ඖෂධ ශාලාහිමියන් මේ තරම් උත්කර්ෂවත් උත්සවයක් කරන්නේ. දැන් මේ ජනාධිපතිතුමා නොඑන්න ඒ කියන්නේ, අනිත් නායකයෝ ඔක්කෝටම මේක ඉදිරිපත් කළා. අපේ නායකයින්ට ඉදිරිපත් කළාම හිටිය ආර්ථික විශේෂඥයින් කිව්වා නායකතුමා අත තියන්න එපා කිව්වා. අත පිච්චෙනවා කියලා අත අල්ල ගත අය අද අංකුං කියන්නේ කොහොම ද? ලෝක ඉතිහාසයේ කියැවෙනවා දෑකැත්තයි මිටියයි ගහපු එකම පක්ෂයේ ධනපති පන්තියකින් උදුරා ගත යුතු බලය, ධනපති පන්තිය තැටියේ තියලා දෙනකොටත් එපා කිව්වා. එතකොට තේරෙනවා ද මේකේ තියෙන භයානකකම. අපිට දේශපාලන ඕනෑම මතවාද තියෙන්න පුළුවන්. මොන මතවාද තිබුණත් රටක් තියෙන්න ඕනේ. ඔච්චරයි මම දන්න දේශපාලනය. අපි කුහක වුණොත් අපේ රටට අනාගතයක් නෑ. අපේ පක්ෂය කරොත් ඕන එකක් හොඳයි. විරුද්ධ පක්ෂ කළොත් ඔක්කෝම විරුද්ධයි. මම නම් ඒ ධර්මය පිළිගන්නේ නෑ. මේ රට අවුරුද්දකට එහා තිබුණ තැන හැටියට හීනෙන්වත් හිතුවද මෙච්චර ඉක්මනින් මේක කරයි කියලා. අපේ රට තමා බංකොලොත් වෙලා මෙච්චර කෙටි කාලයකින් එළියට ආපු ලෝකයේ පළමු රට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.