Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»17 හැවිරිදි පාසල් සිසුවාගේ පහරදීමෙන් 15 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට‍
    Featured

    17 හැවිරිදි පාසල් සිසුවාගේ පහරදීමෙන් 15 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට‍

    By LFNJune 6, 2024No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (05) සවස හම්බන්තොට පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට සිදුකළ පහරදීමෙන් ඝාතනයක් සිදුව තිබේ.

    පොලීසිය පැවසුවේ පහරදීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියයෑම සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

    එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

    ඔහු හම්බන්තොට නගරයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඊයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් තිබිණි.

    එහිදී හම්බන්තොට වෙනත් පාසලක සිසුවෙකු විසින් අදාළ උපකාරක පන්තිය අසලට ගොස් 10 වන ශ්‍රේණියේ සිසුවාට පහරදී තිබේ.

    මෙම සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක් ගැටුමට හේතුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    කෙසේවෙතත් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා ව මේ වනවිට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.