Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 2025

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»13 හැවිරිදි සිසුන් දෙදෙනෙක් රු ලක්ෂ 2ක් සොරකම් කරයි
    Featured

    13 හැවිරිදි සිසුන් දෙදෙනෙක් රු ලක්ෂ 2ක් සොරකම් කරයි

    By LFNJune 1, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වටවල හයිඩ්‍රි වතුයායේ නිවසක රුපියල් ලක්ෂ 02ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පොලීසිය භාරයට ගෙන තිබුණි.

    අද (01) එම සිසුන් දෙදෙනා සිය භාරයට ගත් බව වටවල පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා පැවසීය.

    පසුගිය 28 වනදා සැකකාර පාසල් සිසුන් දෙදෙනා ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පිහිටි තවත් නිවසක දොරගුළු විවෘත කර නිවස තුළට ඇතුළුවී එම මුදල සොරාගෙන ඇති බව වාර්තා වෙයි.

    සොරකම් කර එම මුදල්වලින් ජංගම දුරකථනයක්, ක්‍රිකට් පිත්තක් සහ බෝලයක්, පරවියන් 08 දෙනෙකු, විසිතුරු මසුන් ඇති කරන විදුරු ටැංකි දෙකක් මිලදී ගෙන ඇති බව පොලීසිය කියයි.

    මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් වටවල පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසු සැකකාර පාසල් සිසුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරිමේදී සොරකමේ තොරතුරු අනාවරණය වී ඇත.

    සොරාගන්නා මුදලින් රුපියල් 12,000ක මුදලක් සැකකාර පාසල් සිසුන් දෙදෙනා සන්තකයේ තිබූ බවත්, එම සිසුන් දෙදෙනා මිතුරන් බවත්, පොලීසිය පැවසීය.

    මේ අතර ඔවුන් හැටන් නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකට ගොස් සොකරම් කරන ලද මුදල්වලින් දුරකථනයක් මිලදී ගෙන ඇත.

    එහිදී එම දුරකථන අලෙවිසැලේ හිමිකරු විසින් රුපියල් 20,000ක පමණ වටිනාකමින් යුත් භාවිත කරන ලද ජංගම දුරකථනයක් සැකකාර පාසල් සිසුන් දෙදෙනාට රුපියල් 80,000ක මුදලකට අලෙවි කර ඇති බවද පොලීසිය පැවසීය.

    පාසල් ළමුන් දෙදෙනාට මෙපමණ මුදලක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය නොකරගෙන පාසල් සිසුන් දෙදෙනා රවටා අධික මිලකට ජංගම දුරකථනය අලෙවි කළ හැටන් ප්‍රදේශයේ පදිංචි අලෙවිසැලේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    සොරකම් කරන ලද මුදලින් සැකකාර පාසල් සිසුන් දෙදෙනා මිලදී ගත් භාණ්ඩ සියල්ල පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, එම සැකකාර පාසල් සිසුන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

    මෙම පාසල් සිසුන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,942 Views
    Don't Miss

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 20250121 Views

    හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. එ අනුව…

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.