Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වනවා – අගමැති
    Featured

    ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වනවා – අගමැති

    By LFNMay 30, 2024No Comments3 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වගකීමක් නැති ප්‍රකාශ හරහා රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

    පවතින වාතාවරණය තුල මැතිවරණය පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්ද?

    මැතිවරණය ගැන දැනටමත් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරල තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නට පුළුවන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස දෙක අතර එය සූදානම් කරන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ බව ආණ්ඩුවත් ප්‍රකාශ කර තිබෙනවා.

    මැයි දිනයේ සෙනඟ දැකලා ආණ්ඩුව මැතිවරණය කල් දාන්න උත්සහ කරනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?

    සෙනඟ දැකලා කිසිම දේශපාලන තීරණයක් ගන්නේ නැහැ. කලබල කරන්නේ හෝ රිවස් කරන්නේ නැහැ. ඉදිරියට යනවා මිස. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ දවසේ රාත්‍රියේ ඉඳලා අපි ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ස්ථාපිත කිරීමට පියවර ගත්තා. පාර්ලිමේන්තුව වහලා දාලා විනාශ කරන්න හදපු පිරිස පළවාහැරලා, රටේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගුවා. ඒක අමතක කරන්න එපා. ඒ ගොඩනැගුවේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවෙයි. උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන වරම ඉදිරියට ගෙන යමින් රටේ දියුණුව සඳහා පිළිගත් මැතිවරණ නීතිය අනුව කටයුතු කළා. මැතිවරණ නීති වෙනස් කරන්න නම් අනුගමනය කරන්න තියෙන බොහොම අමාරු තුනෙන් දෙකක ක්‍රමවේදයක් තිබෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට ලබන අගෝස්තු වෙනකන් යන්න පුළුවන්. අවශ්‍ය නම් ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන්. එහෙම නැත්තම් තමන්ටම කියන්න පුළුවන් අපිට ගෙදර යන්න ඕනේ කියලා. එහෙම යන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රමයක් තියෙනවා. ජනාධිපතිවරණයට පස්සේ මහ මැතිවරණය. පසුව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ එකටම පවත්වන්න අවධානය යොමු වෙලා තිබෙනවා.

    වගකීමක් නැතුව ඇතැමුන් විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ කිසිම අවස්ථාවක, කිසිම සාකච්ඡාවක නොකෙරුණු දෙයක් ගැන හදිස්සියේ ප්‍රකාශ කරලා, වගකීමක් නැතුව රට කලඹන්න කටයුතු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවකින් ඉඩ දෙන්නෙ නැහැ කියන එකයි මම රටවැසියාට කියන්නේ.

    මැතිවරණ කැඳවීමේ බලය තිබෙන්නේ ආණ්ඩුවටද? මැතිවරණ කොමිසමටද?

    ජනාධිපතිවරණය කැඳවීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත අනුව. කලින් කැඳවන්නත් බැහැ. පස්සෙ කැඳවන්නත් බැහැ. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරව තැන්පත් කරලා තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම දින නියමයන් අනුව මැතිවරණය නියමිත පරිදි පවත්වයි.

    පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා නේද?

    පාර්ලිමේන්තුව විසුරුවන්න මීට පෙරත් ජනාධිපතිවරුන්ට වරම තිබුණා. තමුන්ගේම ආණ්ඩු තිබුණු ජනාධිපතිවරු දිනන්න පුළුවන් කියලා හිතාගෙන ආණ්ඩු විසුරුවල පැරදිච්ච අවස්ථා අපි දැක්කා. පක්ෂයටත් විරුද්ධ පක්ෂයට යන්න වුණා. ඊට ඕන තරම් උදාහරණ තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවක් අවුරුදු දෙකහමාරකට පසුව ජනාධිපතිවරයාට විසුරුවන්න අවස්ථාව හිමි වෙනවා.

    අභියෝග මධ්‍යයේ අපේ පාර්ලිමේන්තුව බොහොම ඉවසීමෙන් ගමන් කරනවා. මතභේදත් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. පාර්ලිමේන්තුව තවදුරටත් කටයුතු කරන්න බැරි නම් ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව වි සුරුවන්න. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළොත් ඒත් ජනාධිපතිතුමාට විසුරවන්න පුළුවන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි කාලය ඉවර වෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.