Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    September 1, 2025

    හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

    September 1, 2025

    උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

    September 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වනවා – අගමැති
    Featured

    ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වනවා – අගමැති

    By LFNMay 30, 2024No Comments3 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වගකීමක් නැති ප්‍රකාශ හරහා රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

    පවතින වාතාවරණය තුල මැතිවරණය පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්ද?

    මැතිවරණය ගැන දැනටමත් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරල තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නට පුළුවන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස දෙක අතර එය සූදානම් කරන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ බව ආණ්ඩුවත් ප්‍රකාශ කර තිබෙනවා.

    මැයි දිනයේ සෙනඟ දැකලා ආණ්ඩුව මැතිවරණය කල් දාන්න උත්සහ කරනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?

    සෙනඟ දැකලා කිසිම දේශපාලන තීරණයක් ගන්නේ නැහැ. කලබල කරන්නේ හෝ රිවස් කරන්නේ නැහැ. ඉදිරියට යනවා මිස. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ දවසේ රාත්‍රියේ ඉඳලා අපි ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ස්ථාපිත කිරීමට පියවර ගත්තා. පාර්ලිමේන්තුව වහලා දාලා විනාශ කරන්න හදපු පිරිස පළවාහැරලා, රටේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගුවා. ඒක අමතක කරන්න එපා. ඒ ගොඩනැගුවේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවෙයි. උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන වරම ඉදිරියට ගෙන යමින් රටේ දියුණුව සඳහා පිළිගත් මැතිවරණ නීතිය අනුව කටයුතු කළා. මැතිවරණ නීති වෙනස් කරන්න නම් අනුගමනය කරන්න තියෙන බොහොම අමාරු තුනෙන් දෙකක ක්‍රමවේදයක් තිබෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට ලබන අගෝස්තු වෙනකන් යන්න පුළුවන්. අවශ්‍ය නම් ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන්. එහෙම නැත්තම් තමන්ටම කියන්න පුළුවන් අපිට ගෙදර යන්න ඕනේ කියලා. එහෙම යන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රමයක් තියෙනවා. ජනාධිපතිවරණයට පස්සේ මහ මැතිවරණය. පසුව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ එකටම පවත්වන්න අවධානය යොමු වෙලා තිබෙනවා.

    වගකීමක් නැතුව ඇතැමුන් විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ කිසිම අවස්ථාවක, කිසිම සාකච්ඡාවක නොකෙරුණු දෙයක් ගැන හදිස්සියේ ප්‍රකාශ කරලා, වගකීමක් නැතුව රට කලඹන්න කටයුතු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවකින් ඉඩ දෙන්නෙ නැහැ කියන එකයි මම රටවැසියාට කියන්නේ.

    මැතිවරණ කැඳවීමේ බලය තිබෙන්නේ ආණ්ඩුවටද? මැතිවරණ කොමිසමටද?

    ජනාධිපතිවරණය කැඳවීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත අනුව. කලින් කැඳවන්නත් බැහැ. පස්සෙ කැඳවන්නත් බැහැ. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරව තැන්පත් කරලා තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම දින නියමයන් අනුව මැතිවරණය නියමිත පරිදි පවත්වයි.

    පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා නේද?

    පාර්ලිමේන්තුව විසුරුවන්න මීට පෙරත් ජනාධිපතිවරුන්ට වරම තිබුණා. තමුන්ගේම ආණ්ඩු තිබුණු ජනාධිපතිවරු දිනන්න පුළුවන් කියලා හිතාගෙන ආණ්ඩු විසුරුවල පැරදිච්ච අවස්ථා අපි දැක්කා. පක්ෂයටත් විරුද්ධ පක්ෂයට යන්න වුණා. ඊට ඕන තරම් උදාහරණ තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවක් අවුරුදු දෙකහමාරකට පසුව ජනාධිපතිවරයාට විසුරුවන්න අවස්ථාව හිමි වෙනවා.

    අභියෝග මධ්‍යයේ අපේ පාර්ලිමේන්තුව බොහොම ඉවසීමෙන් ගමන් කරනවා. මතභේදත් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. පාර්ලිමේන්තුව තවදුරටත් කටයුතු කරන්න බැරි නම් ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව වි සුරුවන්න. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළොත් ඒත් ජනාධිපතිතුමාට විසුරවන්න පුළුවන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි කාලය ඉවර වෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    September 1, 2025

    හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

    September 1, 2025

    උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

    September 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,286 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    September 1, 20250121 Views

    මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ…

    හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

    September 1, 2025

    උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

    September 1, 2025

    ඉෂාරා සෙව්වන්දි රටින් පලාගිය බවට අනාවරණයක්

    September 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.