යුක්රේන – රුසියා යුද්ධය ට එක්වී අසරණ වී ඇති ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා රජය උපරිම වශයෙන් මැදිහත් වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
සමහර පුද්ගලයින් මෙම ප්රශ්නය දේශපාලනීකරණය කිරීමට උත්සාහ ගනිමින් පවතින බවත් ඉන් කිහිපදෙනෙක් මේ වනවිට විනෝද චාරිකාවකට එක්වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එය නොකළ යුතු දෙයක් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
රුසියාවට හෝ යුක්රේනයට ගිය පුද්ගලයින්ගේ තොරතුරු ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් දුරකථන අංකයක් හඳුන්වාදුන් බවත් ඒ ඔස්සේ මේ වනවිට පැමිණිලි 451ක් ලැබී ඇති බවත් ඔහු කීය.
එසේම පොලීසිය විසින් 301 දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා හෙළිකළේය.