Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාවාරම්කරුවෙකුගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි
    Featured

    ජාවාරම්කරුවෙකුගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි

    By LFNMay 29, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් පෙරේරා නොහොත් කුඩු සනා නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල්වලින් මිලදීගත් අධි සුඛෝපභෝගී නිවාස දෙකක් සහ මෝටර් රථ තුනක් පොලිසිය විසින් ඊයේ තහනම් කර තිබේ.

    එම දේපොළවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බව පොලීසිය පවසයි.

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නමැත්තා සහ ඔහුගේ සහෝදරයා පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

    අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සැකකරුගේ දේපොළ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට දැනුම්දී තිබුණි.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කළේය.

    අනතුරුව එහි විමර්ශන පැවරුණේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙතටය.

    එහි ප්‍රථිඵලයක් ලෙස අද දිනයේදී “කුඩු සනා” නමැත්තාට අයත් ගෝනපල ප්‍රදේශයේ පිහිටි කෝටි 2කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවස මෙලෙස පවරාගනු ලැබීය.

    එය ඔහුගේ බිරියගේ නමින් මිලදීගෙන ඇති අතර එය මිලදීගැනීමට මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත්වී තිබේ.

    අනතුරුව විමර්ශන නිලධාරීන් සැකකරුගේ මවගේ නමින් මිලදීගෙන තිබූ මොරන්තුඩුව ප්‍රදේශයේ නිවසක්ද පවරාගෙන තිබුණි.

    එම සුඛෝපභෝගී නිවස නාන තටායකින්ද සමන්විතය.

    එහි වටිනාකම පමණක් රුපියල් කෝටි 5කට අධික බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

    මේ අතර රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඇතුළු මෝටර් රථ තුනක් ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202507 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.