Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 2025

    විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති දුන් පොරොන්දුව
    Featured

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති දුන් පොරොන්දුව

    By LFNMay 29, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියානු යුක්‍රේන යුද ගැටුම් සඳහා මැදිව සිටින මෙරට විශ්‍රාමික යුද හමුදා සෙබළුන් කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් අද පෙරවරුවේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවුණි.

    මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි වලේබොඩ සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද සහභාගී වී සිටියේය.

    විරෝධතාවයේ නිරත පිරිස රුසියානු තානාපති කාර්යාලයට සංදේශයක් භාරදුන් අතර එහිදී ඔවුන්ගෙන් සිව්දෙනෙකුට රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවුණි.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan,

    “මට පැහැදිළියි ඇයි මේ ජනතාව රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් ඉන්න කාරණය මොකක්ද කියලා. මට කණගාටුයි මේ වනවිට සිදුවෙමින් පවතින දේ ගැන. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙස මම පොරොන්දු වෙනවා මම මගේ උපරිමයෙන්ම කටයුතු කරනවා මේ ප්‍රශ්නය හැකි ඉක්මනින්ම සමථයකට පත්කර ශ්‍රී ලාංකික අපේ මිතුරන් යළි ගෙන්වා ගැනීමට. මම මගේ උපරිමයෙන්ම එය සිදුකරනවා.”

    මේ අතර රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 140කට අධික පිරිසකගෙන් මුදල් වංචා කළ පුද්ගලයින් තිදෙනෙක් මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එසේම රුසියාවේ යුද ගැටුම් සඳහා මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු කමිටුව ජුනි 05 වැනිදා එරටට ගොස් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මාධ්‍යට සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 2025

    විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,349 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,281 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 20250120 Views

    විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ. ඒ රක්ෂිත බන්ධනාගාරගත…

    විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025

    කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි

    August 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.