පසුගිය 08 වනදා අහුංගල්ල, ලෝකන්වත්ත ප්රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුව පසුගිය දා වැලිඔය පොලිස් වසමේ වෙෙහරතැන්න, බෝගස්වැව ප්රදේශයේදී වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වෙහෙරතැන්න බෝගස්වැව ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
සැකකරු මෙම වෙඩිතැබීමේ සිද්ධියේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවට පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.