Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025

    දේශබන්දුට ඇප

    August 27, 2025

    ආනයනික අල – ළුෑනු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    August 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
    Featured

    රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

    By LFNMay 28, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළු ගඟ සහ අතු ගංගාවල ජලමට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඊයේ (27) දිනය පුරා ඇදහැලුණු වර්ෂාවත් සමග එම ප්‍රදේශවල ජනතාවට කල්පනාකාරී වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසීය.

    රත්නපුර ජල මාපකයේ ජලමට්ටම මීටර් 6.5 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, මේ තත්ත්වය හේතුවෙන් රත්නපුරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඉදිරි කාලයේ ගංවතුර අවදානමක් ඇති විය හැකි බව සඳහන් කළේය.

    ඒ අනුව රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කිරිඇල්ල සහ ඇළපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස ජනතාවට අද සහ හෙට දැඩි අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන්ම අද දහවල් කාලයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් මෙම තත්ත්වය දරුණු විය හැකි බව ද සුගීෂ්වර මහතා පැවසීය.

    මේ අතර ගිං ගඟ සහ නිල්වලා ගඟෙහි ජලමට්ටම ද අවධානය යොමුකළ යුතු මට්ටමට ළඟා වී ඇති බව පැවසූ ඒ මහතා, එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් මෙතෙක් ඇති විය නොහැකි වුවත් අද රාත්‍රීයේ හෝ දහවල් කාලයේ දී දැඩි වර්ෂාවක් ඇති වුවහොත් එම ගංගාත් පහසුවෙන් ගංවතුර තත්ත්වයක් දක්වා පත්වෙනු ඇතැයි ද කියා සිටියේය.

    මීට අමතරව අත්තනගලු ද්‍රෝණිය සහ කැලණි ගඟත් ඉහළ ජලමට්ටම්වල සිටින බැවින් ජනතාවට ඒ පිළිබඳවත් සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025

    දේශබන්දුට ඇප

    August 27, 2025

    ආනයනික අල – ළුෑනු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    August 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 20250133 Views

    මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව…

    දේශබන්දුට ඇප

    August 27, 2025

    ආනයනික අල – ළුෑනු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    August 27, 2025

    අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ගඟේ

    August 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.