Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුලියාපිටිය ඝාතනය – 10වන සැකකරු ගැන එළියට ආ කතාව
    Featured

    කුලියාපිටිය ඝාතනය – 10වන සැකකරු ගැන එළියට ආ කතාව

    By LFNMay 27, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුලියාපිටිය තරුණයා ව ඝාතනයට අදාළව වරින්වර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින සැකකරුවන් 10දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (27) නියම කළේය.

    කුලියාපිටිය කැලෑබද ප්‍රදේශයකදී තරුණයෙකු ඝාතනය සම්බන්ධව කුලියාපිටිය පොලීසිය ගොනුකර තිබූ නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කළේය.

    නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය සිය පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

    මෙම ඝාතනයේ එක් සැකකරුවෙක් වන සිඟිතිගේ මස්සිනා ඇතුළු කිහිප දෙනෙකුට සැඟව සිටීමට උපකාර කළැයි කියන 10වන සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ චන්දන යාපා කියා සිටියේ පොලීසිය කරුණු කියා ඇති ආකාරයට තම සේවාදායකයා ඝාතනයෙන් පසුව සැකකරුවන්ට උපකාර කර ඇති බවය.

    එසේ තිබියදී ඔහුට මිනීමැරුම් චෝදනාව එල්ලකර ඇති බවත් එය සංශෝධනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    සැකකරුවන් දස දෙනාගෙන් කවුරුන්, කොහේදී, කෙසේ එම තරුණයාව ඝාතනය කළාද යන්න මේ වනවිටත් පරීක්ෂණ මට්ටමේ ඇති බවත් ඔහුගේ මළ සිරුර පිළිබඳ හලාවත මූලික රෝහලේ සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ ද මේ වනතෙක් අවසන්ව නොමැති බවත් පොලීසිය පැවසීය.

    එමෙන්ම මෙම ඝාතනය මනාව සැලසුම්කරමින් සූක්ෂ්ම අන්දමින් සිදුකර ඇති බවත් පොලීසිය පැවසූ අතර අදාළ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන් නොමැති බවත් අධිකරණය හමුවේ පොලීසිය පෙන්වා දුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.