Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පානදුරදී හෙරොයින් සමග කොටුවූ සැකකරු ගැන තවත් තොරතුරු
    Featured

    පානදුරදී හෙරොයින් සමග කොටුවූ සැකකරු ගැන තවත් තොරතුරු

    By LFNMay 27, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර අපරාධ කොට්ඨාශය විසින් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව මේ වනවිට තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ.

    වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “වලපල හාමු” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු බවය.

    එම සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි තරංගගේ” ප්‍රධාන ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

    පානදුර වලපල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති තිලංග සංජීව මහතාට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබුණි.

    එහිදී පානදුර වලපල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසළ රැඳී සිටි සැකකාර “වලපල හාමු” නමැති 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයාව හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 850ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් පානදුර, වාද්දුව, බණ්ඩාරගම සහ හොරණ ඇතුළු ප්‍රදේශ රැසක සිල්ලර වශයෙන් හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවය.

    අත්අඩංගුවට ගත් සැකකාර “වලපල හාමු” නමැති පුද්ගලයා ද අධික ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙකු බවද අනාවරණය වී තිබේ.

    එහිදී මෙම ජාවාරම සිදුකරගෙන යාම සඳහා සැකකරු භාවිත කළ ජංගම දුරකථනයද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

    සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.