ගරු ජනපති තුමා විසින් සැලසුම් කරන ලද සංචාරක වයාපෘති යටතේ නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම හේතුවෙන් ඉඩම් මිල සීග්‍රයෙන් ඉහල ගොස් ඇති අතර ඉදිරියේදී සින්නකර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල අනුව ඉහල ජනතා ප්‍රසාදයක් හිමිකරගැනීමට සමත්ව ඇත.වසර ගණනාවක් කිසිදු රජයක් විසින් ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම නිසා නුවරඑළිය බොහෝ සංචාරක ආකර්ශනීය ස්ථාන සංවර්ධනය නොවී පවතී . පසුගිය වසන්ත සැණකෙළිය අවස්ථාවේදී ගරු ජනාධිපතිවරයා ගේ මෙහෙයවීම මත විවිධ සංචාරක ක්‍රමෝපායන් දියුණු කිරීමද ආරම්භ කර ඇත.නුවරඑළිය පරිසරයට ආරක්ෂක කරගැනීමට වත්මන් හිමිකරුවන් වෙත සින්නකර ඔප්පු ලබාදීමේ මුලික කටයුතු නිමාවී ඇත. එහිදී නුවරඑළිය නගරය තුල පර්චසයක් ලක්ෂ 25 ත් 30 අතර ප්‍රමාණයට වඩා මිල ඉහල යනු ඇතිබව ප්‍රදේශවාසීන් පවසයි .කෘෂි කර්මාන්තයෙන් පාඩු ලැබීමට වඩා සංචාරක අංශය තුලින් තමන්ට වඩාත් ලාබදායි ව්‍යාපාර ආරම්භ කල හැකි බව ද ඔවුන්ගේ මතයයි.
