Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සියල්ල අවසානයේ ඩයනා කළ හෙළිදරව්ව
    Featured

    සියල්ල අවසානයේ ඩයනා කළ හෙළිදරව්ව

    By LFNMay 10, 2024No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය ඊයේ (09) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

    රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය (08) තීන්දු කළේය.

    මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

    එවන් පසුබිමක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ,

    “මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා.”

    “ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ.”

    “මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්.”

    “ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි.”

    “මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්… මං නැවත පාර්ලිමේන්තුවට එයි”

    තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ අධිකරණමය ක්‍රියාමාර්ගය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවද ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 20250122 Views

    ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර,…

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.