Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්කුඩු නිසා තමන්ගේම දරුවෙකුට කළ අපරාධය
    Featured

    මත්කුඩු නිසා තමන්ගේම දරුවෙකුට කළ අපරාධය

    By LFNMay 6, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැපකරන උත්තම පියවරුන් අතර තාත්තා යන නමටත් නිගා දෙන ඇතැම් පියවරුන්ද සිටී.

    මත්කුඩු මිලදී ගැනීමට මුදල් ඉල්ලා බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් අතරතුර වයස අවුරුදු හතක් වූ තම දරුවා පොළොවේ ගසා බරපතළ තුවාල සිදුකිරීමට තරම් සැහැසි වූ එවන් පියෙකු පිළිබඳව අපට වාර්තා විය.

    සිය සැමියා විසින් තම හත් හැවිරිදි දරුවා පොළොවේ ගැසූ බවට මීට දින කිහිපයකට ඉහතදී ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත පැමිණි කාන්තාවක් මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

    එමගින් ඇය සඳහන් කර තිබුණේ තම සැමියා ඉතා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකු වන අතර, මත්කුඩු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලමින් නිරන්තරයෙන් තමන්ට සහ තම දරුවාට හිරිහැර කරන බවය.

    සිද්ධිය සිදුවූ දිනයේ ද තම සැමියා මුදල් ඉල්ලමින් තමන්ට අමානුෂීය ලෙස පහරදුන් අතර ඒ අසලට පැමිණි තම 7 හැවිරිදි දරුවා ඔසවා අමානුෂීය ලෙස පොළොවේ ගැසූ බවද කාන්තාව පොලීසිය හමුවේ පවසා තිබේ.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොවේ ගැසීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ රීජ්වේ ආර්යා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී.
    ‍
    සැකකරු මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්වූ පුදගලයෙක් බවද වාර්තා වෙයි.

    අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු මෙම මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.