Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක
    Featured

    ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක

    By LFNApril 27, 2024No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය පළකරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අවධාරණය කරයි.

    ඔවුන් මේ බව කියා සිටියේ, ජනාධිපතිවරයා සමග පැවති විශේෂ හමුවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

    සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු එක්ව සිටියහ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (25) පස්වරුවේ පැවැත්වුණි.

    පැය 02කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රිවරු මාධ්‍යයට අදහස් පළ කළේය.

    මේ අතර වාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්තනෝමතික ලෙස ඉවත්කරනු ලැබූ ආසන සංවිධායකවරු සහ පක්ෂ ක්‍රියාකාරීන් යළි නිදහස් පක්ෂයට එක්කර ගැනීම සඳහා පියවර ගැනීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතයේ ඊයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

    පක්ෂ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වීරකුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා යන අය පත්කර තිබේ.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ වැඩබලන සභාපති අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත අද පෙරවරුවේ පැමිණියේය.

    පසුව අමාත්‍යවරයා ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.