Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක
    Featured

    ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක

    By LFNApril 27, 2024No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය පළකරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අවධාරණය කරයි.

    ඔවුන් මේ බව කියා සිටියේ, ජනාධිපතිවරයා සමග පැවති විශේෂ හමුවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

    සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු එක්ව සිටියහ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (25) පස්වරුවේ පැවැත්වුණි.

    පැය 02කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රිවරු මාධ්‍යයට අදහස් පළ කළේය.

    මේ අතර වාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්තනෝමතික ලෙස ඉවත්කරනු ලැබූ ආසන සංවිධායකවරු සහ පක්ෂ ක්‍රියාකාරීන් යළි නිදහස් පක්ෂයට එක්කර ගැනීම සඳහා පියවර ගැනීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතයේ ඊයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

    පක්ෂ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වීරකුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා යන අය පත්කර තිබේ.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ වැඩබලන සභාපති අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත අද පෙරවරුවේ පැමිණියේය.

    පසුව අමාත්‍යවරයා ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202504 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.