Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 2025

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට
    Featured

    ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට

    By LFNApril 22, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තම පාර්ශ්වයෙන් තෝරා පත් කරගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පවසයි.

    ඒ අනුව නිදහස් පක්ෂ වැඩබලන මහලේකම්වරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාගේ නම සහ විධායක සභාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පසුගිය 20 රැස්වූ අවස්ථාවේ ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් ඊයේ (21) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයකදී කැඳවා තිබිණි.

    මෙම විධායක සභා රැස්වීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි අතර එහිදී ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත් කර ගැනුණි.

    මෙහිදී අදහස් දැක්වු විජයදාස රාජපක්ෂ මහතා,

    “අපිට පක්ෂය හැරගිය සියලුදෙනා එකට එකතු කරගෙන හොඳ ගමනක් යන්න අද අවස්ථාවක් උදාවුණා. අපි සියලුදෙනා එකට එකතුවෙලා සාර්ථක ගමනක් ගියොත් පක්ෂය විතරක් නෙමෙයි ගොඩයන්නේ රටටත් ගොඩයන්න පුළුවන්. ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවනවා කියන පොරොන්දුව ලබාදෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 2025

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 20250111 Views

    වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ…

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025

    ලොකු ලූනු මිලදී ගැනීම ගැන සතොසෙන් පැහැදිළි කිරීමක්

    November 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.