Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හදිසියේම බස්නාහිරට නව ආරක්ෂක වැඩපිළිවෙලක්
    Featured

    හදිසියේම බස්නාහිරට නව ආරක්ෂක වැඩපිළිවෙලක්

    By LFNApril 21, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන් අපරාධ ඉහළ ගොස් ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    ඒ අතර පසුගිය වසර තුළ රන් මාල කොල්ලකෑම් 846ක්, ගෙවල් බිදුම් 12,125ක් සහ වාහන සොරකම් 1,748ක් වාර්තාවන බව පොලිස් වාර්තා පවසයි.

    එය සමස්ත දිවයිනේම සිදුවූ අපරාධ අතරින් ප්‍රතිශතයක් ලෙස 32%කි.

    ඒ අනුව එම අපරාධ මර්දනය සඳහා දිවයිනේම පොලිස් කොට්ඨාසවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ,පොලිස් ස්ථානවල සිටින නිලධාරීන්ගෙන් 60% ක් ඒ සඳහා යොදවන ලෙසය.

    එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත තුළ සිටින පොලිස් නිලධාරීන්ට පාපැදි, ටී56 වර්ගයේ ගිනි අවිද සහිතව ලබාදී අදාළ ප්‍රදේශවල සංචාරය කරවීමට නියමිතව තිබේ.

    එමෙන්ම පාතාල මර්දනය සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම් 20ට අමතරව පොලිස්පතිවරයා ඉදිරියේදී නව පොලිස් කණ්ඩායම් 10ක් යෙදවීමටද නියමිතය.

    එම කණ්ඩායම් 10ට අපරාධ කල්ලි සාමාජිකයන් 360කට ආසන්න පිරිසකගේ නාමාවලියක් ලබාදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් ලබා දෙන බව වාර්තා වෙයි.

    මේ අතර තවත් 100 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග මේ වනවිට විශේෂ පුහුණුවකට යොදවා තිබේ.

    ඔවුන් සඳහා විශේෂ නිල ඇඳුමක්, යතුරුපැදි සහ ගිනි අවි ද ලබාදීමට නියමිතය.

    ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ අපරාධකරුවන් හඹාගොස් අත්අඩංගුවට ගැනීමය.

    එමෙන්ම කොළඹ නගරය තුළ පොලීසිය නිරීක්ෂණය කරනු ලබන CCTV කැමරා 176ක සංඛ්‍යාව 2000ක් දක්වා වැඩි කිරීමට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව පෞද්ගලික නිවාසවල ඇති cctv ද ඔවුන්ගේ කැමැත්ත පරිදි පොලිසිය මගින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.