Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැන් වමේ දේශපාලනයක් නෑ – නිමල්
    Featured

    දැන් වමේ දේශපාලනයක් නෑ – නිමල්

    By LFNApril 17, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත් එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    “කිරි හට්ටියට දෙන මුදල්වලට සංවිධායකකම දුන්නේ නෑ. ශක්තිමත් සංවිධායකයෝ හෙව්වා, පාරේ ගියපු රස්තියාදුකාරයෝ අරගෙන සංවිධායකකම දුන්නේ නෑ. එහෙමයි එතුමිය පක්ෂය ආරක්ෂා කළේ. එතුමිය ගැහැණියකට වඩා පිරිමියෙක් වගේ. අන්න ඒ වගේ පිරිමි නායකත්වයක් අපිට අවශ්‍යයි මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න. එතුමිය එක්ක වැඩකටයුතු කරන්නට අපිට ඉතාම ආසයි. අපිට විශ්වාසයක් තියෙනවා. උදේ නැගිටිනකොට අපේ සංවිධායකකම් ඉවත්කරලා නෑ කවදාවත්. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. එදා අනුර බණ්ඩාරනායක තමන්ගේ පුතාගේ ඒ තහනම් කිරීමේ ලිපිය අත්සන් කරන්න මමයි එතුමිය ළඟට අරන් ගියේ. මැතිණිය විනාඩි දෙකක් ඔළුවට අත තියාගෙන ඉඳලා අත්සන් කරලා දුන්නා. ඒකාධිපති වුණේ නෑ. පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කරගෙන මට වැඩි බලතල ඕන කියලා ගන්න ගියේ නෑ. ඒ නිසා එතුමියට කවුරුත් ආදරය කළා. දැන් මේ ලෝකයේ වාම දේශපාලනයක් නෑ. රුසියාවේ වාම දේශපාලනයක් තියෙනවා ද?, චීනයේ වාම දේශපාලනයක් තියෙනවා ද ? අද කියුබාවට ජාතික දිනය පවත්වන්න තෙල් ටිකක් හොයාගන්න නෑ.වෙනිසියුලාවටත් එහෙමයි. ඒ නිසා මේ වාම දේශපාලනය හුදෙක් බෝඩ් ලෑල්ලක විතරයි. අපේ මේ ප්‍රතිපත්තියක් තියෙනවා කියලා ඒක බදාගෙන ඉඳලා හරියන්නේ නෑ. අපි අලුතින් හිතන්නට ඕන.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.