Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෙම්වතිය සමග ජංගල් බීච් ගිය සිසුවා අතුරුදන්
    Featured

    පෙම්වතිය සමග ජංගල් බීච් ගිය සිසුවා අතුරුදන්

    By LFNApril 3, 2024No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගීවීමට ගිය 17 හැවිරිදි සිසුවෙකු දින 15ක් තිස්සේ අතුරුදන්වී ඇතැයි ඔහුගේ ඥාතීන් පවසයි.

    එම සිසුවා, සිය 21 හැවිරිදි පෙම්වතිය සමග මුහුදු වෙරළට ගොස් සිටියදී රළ පහරකට හසුවූ බව පෙම්වතිය පොලීසියට පවසා ඇතත් සිසුවාගේ ඥාතීන්ට ඒ පිළිබඳ සැක මතුවී තිබේ.

    ඒ අනුව ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවෙක් පසුගිය මාර්තු 18 වනදා සිට අතුරුදන්ව සිටී.

    ඔහු එදින පෙරවරුවේ සිය නිවසින් පිටව ගොස් තිබුණේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගී වන බව මවට පවසමිනි.

    පසුව හෙළිවී ඇත්තේ 17 හැවිරිදි සෙනුක සිය 21 හැවිරිදි පෙම්වතිය සමග සවස් කාලයේ ගාල්ල ජංගල් බීච් වෙත ගොස් ඇයගේ උපන්දිනය සමරා ඇති බවය.

    අදාළ තරුණිය ප්‍රකාශ කර ඇත්තේ, ජංගල් බීච් හි රැඳී සිට ආපසු පැමිණීමට සූදානම් වෙද්දි එක්වරම පැමිණි රළ පහරකට ඔවුන් දෙදෙනා මුහුදට ඇදවැටුණු බවය.

    තමන් ඉන් බේරුණු නමුත් පෙම්වතා දියේ ගිලුණු බව ඇය පොලීසියට පවසා තිබුණි.

    කෙසේවෙතත් අවස්ථා කිහිපයකදී සිද්ධිය පිළිබඳ පොලීසියට පැමිණිළි කර ඇති සෙනුකගේ ඥාතීන්ට පෙම්වතිය පවසන කරුණු පිළිබඳව පවතින්නේ සැකයකි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හබරාදූව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවය.

    ඒ අනුව මේ දක්වා කිසිදු අපරාධමය වරදක් සම්බන්ධයෙන් අනාවරණවී නොමැති බවද පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.