Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025

    මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

    September 3, 2025

    රාජිතව අල්ලස් කොමිසමට රැගෙන එයි

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහමැතිවරණයක් ලබාගැනීමේ සටන පොහොට්ටුව අත්නොහරින ලකුණු
    Featured

    මහමැතිවරණයක් ලබාගැනීමේ සටන පොහොට්ටුව අත්නොහරින ලකුණු

    By LFNApril 2, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව විවිධ ප්‍රකාශ සිදුකළ ද මහ මැතිවරණයක් ලබාගැනීමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සාහය මේ වන තෙක් අවසන්ව නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවලදී මෙන්ම දේශපාලන සාකච්ඡාවලදීද මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විවිධ අදහස් පළ කරයි.

    ඒ අනුව සිංහල අලුත් අවුරුද්දෙන් පසුව කිසියම් දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බව දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව ඇත.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යධුර දරන කණ්ඩායමක් ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කළ යුතු බවට පසුගිය දා පැවැති විධායක සභාවේ දී ප්‍රකාශ කර තිබේ.

    මෙම ප්‍රකාශයත් සමඟ දැනට අමාත්‍ය ධුර දරන කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් ඉදිරියේ දී කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා එක්වනු ඇති බව වාර්තා වේ.

    මෙම තත්වය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

    මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන්ය.

    2019 වර්ෂයේ දී අවසන් වරට පැවැති ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැට ලක්ෂයක් සුදුසුකම් ලබා තිබුණ ද මෙවර එම සංඛ්‍යාව ලක්ෂ 10කින් වැඩි වී තිබේ.

    වයස අවුරුදු 18 සම්පුර්ණ වු ඡන්ද දායකයින් මෙලෙස සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 2025

    මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

    September 3, 2025

    රාජිතව අල්ලස් කොමිසමට රැගෙන එයි

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

    September 3, 20250120 Views

    ‍ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් මහත්මිය අද (03) දිවයිනට…

    මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

    September 3, 2025

    රාජිතව අල්ලස් කොමිසමට රැගෙන එයි

    September 3, 2025

    චීන විජයග්‍රාහී සැමරුම ඇරඹෙයි

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.