ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඔහු තවදුරටත් පැවසුවේ ඉදිරියේදී මුලින් එන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද කියලා ඔවුන් ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවත් ය.
එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව අලුත්ගමගේ මහතා පැවසීය.