අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වේ.
අග්‍රාමාත්‍යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.