Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා ඇත්තටම මම දන්නවා…-මෛත්‍රී
    Featured

    පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා ඇත්තටම මම දන්නවා…-මෛත්‍රී

    By LFNMarch 23, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් ඊයේ (22) දින එක් වූ ඒ මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

    “මට කලකිරීමකට වඩා මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මම 2015 පොදු අපේක්ෂකයා විදියට මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතා ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න ඕන වුණා. ඒ වැඩපිළිවෙල මට ගෙනියන්න හම්බ වුණේ නෑ. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. විපක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. 19 වන සංශෝධනයෙන් මගේ බලතල නැතිව ගියා. මම කැමැත්තෙන් තමා ඒ දේවල් දුන්නේ. නමුත් මම හිතුවේ නෑ බලය ගන්න අය වැරදි විදියට පාවිච්චි කරයි කියලා. ඒ නිසා ආණ්ඩුව සහ විපක්ෂය දෙගොල්ලෝම එකතු වෙලා මට පහරදුන්නා. ඊළඟට පාස්කු ආවා. අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කවුද කළේ කියලා කවුරුත් කියලා නෑ. මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිත් ප්‍රකාශයක් කරන්න. මම ලෑස්තියි පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා හෙළි කරන්න. අනිත් එක ඒක රහසිගතව තියා ගන්න එකත් ඒ විනිසුරුවරුන්ගේ කාර්යක් වෙනවා.”

    අස්ගිරි මහා විහාරයේ පැවැති මෙම අවස්ථාවට අස්ගිරි මහානායක අතිපූජ්‍යය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි, අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු පවරයි

    May 7, 2026

    තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

    May 7, 2026

    වියට්නාම ජනපති අද දිවයිනට

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.