Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතහැරුණු මහවැලි කලාප ගැන ජනපතිගෙන් තීරණයක්
    Featured

    අතහැරුණු මහවැලි කලාප ගැන ජනපතිගෙන් තීරණයක්

    By LFNMarch 21, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් එදා ගාමිණී දිසානායක මහතා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කීර්තිමත් දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතාගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ අතර, එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “ජේ. ආර්. ජයවර්ධන මහත්තයා විපක්ෂයේ සිටියදීත් කතා කළේ මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 30ක් වෙනුවට අවුුරුදු 10කින් ක්‍රියාත්මක කරන්න කියලා. බොහෝ අය කිව්වා ඒක කරන්න බෑ කියලා. එතුමා හිතුවා ගාමිණීට තමා මේක කරන්න පුළුවන් කිව්වේ. මම කතාකරාමත් කිව්වා ගාමිණී ඉක්මනින් තීරණ ගන්නවා. ඉක්මනින් තීරණ ගන්නේ නැත්නම් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. බලන්න එතුමාට භාරදුන්න වැඩකටයුත්ත. ලංකා ඉතිහාසයේ තිබුණ සියලු වැව් හා සමාන වැව් 5ක් හදන්න කිව්වා. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ හා මාදුරු ඔය කියලා. 1989 වෙද්දි මේකේ වැඩ ඉවරයි. එතැනින් ලංකාවේ වාරි ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස්වුණා. මේ කටයුත්ත නොකොරුවානම්, හාල්වලින් ස්වයං පෝෂිත නෑ. විදුලිබලය ලැබුණා. මං හිතන්නේ ගාමිණී දිසානායකට විශේෂ තැනක් තියෙනවා මේ රටේ ඉතිාහසයට.”

    එම අවස්ථාවට ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයන් වන සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.

    කෘතහස්ථ දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා 1942 මාර්තු 20 වැනිදින උපත ලද අතර ඒ මහතා 1970 වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.

    වාරිමාර්ග ,විදුලිබල, මහාමාර්ග, ඉඩම්, මහවැලි සංවර්ධන, වැවිලි කර්මාන්ත ආදී අමාත්‍යධුර ගනනාවක් හෙබවූ ගාමිණී දිසානායක මහතා කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ පුරෝගාමියායි.

    1994 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා තොටළඟ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එල්ල වූ LTTE බෝම්බ ප්‍රහාරයකට ගොඳුරුව දිසානායක මහතා ජීවිතයෙන් සමුගත්තේ 52වැනි වියේදීය.

    ගාමිණි දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

    May 10, 2025

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 20250140 Views

    ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ…

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

    May 10, 2025

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.