Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතහැරුණු මහවැලි කලාප ගැන ජනපතිගෙන් තීරණයක්
    Featured

    අතහැරුණු මහවැලි කලාප ගැන ජනපතිගෙන් තීරණයක්

    By LFNMarch 21, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් එදා ගාමිණී දිසානායක මහතා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කීර්තිමත් දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතාගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ අතර, එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “ජේ. ආර්. ජයවර්ධන මහත්තයා විපක්ෂයේ සිටියදීත් කතා කළේ මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 30ක් වෙනුවට අවුුරුදු 10කින් ක්‍රියාත්මක කරන්න කියලා. බොහෝ අය කිව්වා ඒක කරන්න බෑ කියලා. එතුමා හිතුවා ගාමිණීට තමා මේක කරන්න පුළුවන් කිව්වේ. මම කතාකරාමත් කිව්වා ගාමිණී ඉක්මනින් තීරණ ගන්නවා. ඉක්මනින් තීරණ ගන්නේ නැත්නම් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. බලන්න එතුමාට භාරදුන්න වැඩකටයුත්ත. ලංකා ඉතිහාසයේ තිබුණ සියලු වැව් හා සමාන වැව් 5ක් හදන්න කිව්වා. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ හා මාදුරු ඔය කියලා. 1989 වෙද්දි මේකේ වැඩ ඉවරයි. එතැනින් ලංකාවේ වාරි ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස්වුණා. මේ කටයුත්ත නොකොරුවානම්, හාල්වලින් ස්වයං පෝෂිත නෑ. විදුලිබලය ලැබුණා. මං හිතන්නේ ගාමිණී දිසානායකට විශේෂ තැනක් තියෙනවා මේ රටේ ඉතිාහසයට.”

    එම අවස්ථාවට ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයන් වන සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.

    කෘතහස්ථ දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා 1942 මාර්තු 20 වැනිදින උපත ලද අතර ඒ මහතා 1970 වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.

    වාරිමාර්ග ,විදුලිබල, මහාමාර්ග, ඉඩම්, මහවැලි සංවර්ධන, වැවිලි කර්මාන්ත ආදී අමාත්‍යධුර ගනනාවක් හෙබවූ ගාමිණී දිසානායක මහතා කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ පුරෝගාමියායි.

    1994 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා තොටළඟ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එල්ල වූ LTTE බෝම්බ ප්‍රහාරයකට ගොඳුරුව දිසානායක මහතා ජීවිතයෙන් සමුගත්තේ 52වැනි වියේදීය.

    ගාමිණි දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.