Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් වරාය සිරවෙයි
    Featured

    රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් වරාය සිරවෙයි

    By LFNMarch 19, 2024No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රේගු නිලධාරීන් ආරම්භකර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ ඇතුළත් බහාලුම් තුන්දහස් පන්සියයක් පමණ මේ වනවිට දින හතරක සිට කොළඹ වරායේ සිරවී ඇති බව වාර්තා වෙයි.

    රේගු නිලධාරීන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ, රේගු ත්‍යාග අරමුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමිනි.

    රේගු ත්‍යාග අරමුදල යොදාගනිමින් රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කරයි.

    එම අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට මාර්තු 15 වනදා පස්වරුවේ සිට එළැඹුණි.

    මේ අතර, මෙවැනි තීරණාත්මක සමයක් තුළ ක්‍රියාත්මක කර ඇති රේගු වර්ජනය හේතුවෙන් සැලකිය යුතු ව්‍යාපාරික අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇතැයි ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ පිරිස් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම්වත් කර තිබේ.

    එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ, වර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය නැව්ගත කිරීම් සඳහා ප්‍රවේශයක් නොමැතිව තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ කර්මාන්ත ශාලා මෙහෙයුම් නවතා දැමීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා වෙත ඔවුන් යොමුකළ ලිපියේ සඳහන් වෙයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ඒ අනුව ජනපතිවරයා ලබාදුන් උපදෙස් මත ගැටලුව සම්බන්ධයෙන් අද දිනයේ වෘත්තිය සමිති සමඟ යළි සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.