Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බෙහෙත් පෙත්තක් උගුරේ සිරවුණු දැරියක් මරුට
    Featured

    බෙහෙත් පෙත්තක් උගුරේ සිරවුණු දැරියක් මරුට

    By LFNMarch 13, 2024No Comments2 Mins Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිව් හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

    උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ලබාදුන් බෙහෙත් පෙත්තක් දැරියගේ උගුරේ සිරවී ඇති බවය.

    ඉන් සිහිසුන්වූ දැරියව මහියංගනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

    එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය (11) දැරිය මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති දැරියකි.

    මව විදේශගත වීම නිසා ඇය සීයා, ආච්චි සහ සහෝදරියන් දෙදෙනා සමඟ නිවසේ ජීවත්වී ඇත.

    වැලිගොඩ දැමීමෙන් ජීවිකාව ගෙනයන පියා මොවුන් පදිංචි නිවස ආසන්නයේ වෙනත් නිවසක ජීවත් වන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

    මහියංගනය රෝහලේදී දැරියගේ උගුරේ සිරවූ බෙහෙත් පෙත්ත ඉවත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට මාරුකර එවා තිබුණි.

    “දුවට උණ ගතියක් තිබුණා. අපේ පාරේ බස් එකක් යන්නේ පැය දෙකකට වතාවක්. බෙහෙත් ගන්න යන්න බස් එක එනකල් දුවට බෙහෙත් පෙත්තක් දුන්නා. මීට පෙරත් ඇයට ඒ වගේ බෙහෙත් පෙති දීලා තිබෙනවා. බෙහෙත් පෙත්ත බිව්ව ගමන් දුවට සිහිය නැති වුණා. ත්‍රීවිල් එකකින් මහිංගනය රෝහලට අරන් ගියා. එතනදී වෛද්‍යවරු දුවගේ උගුරේ සිරවී තිබූ බෙහෙත් පෙත්ත අරන් මට පෙන්නුවා. පසුව දුවට අමාරුයි කියලා එයාව පේරාදෙණියට මාරු කළා.” දියණියගේ මිත්තණිය වන බී.ජී සීලවතී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියාය.

    ඉදිරි පරීක්ෂණ කටයුතුවල වාර්තා ලැබෙන තෙක් මරණ පරීක්ෂණය කල් තැබීමට අමල් ජයවර්ධන මහතා පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 20250105 Views

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.