Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදාවට අපහාස කල රාවණ ලංකා කර්තෘ නිශ්ශංක රිමාන්ඩ්
    Featured

    හමුදාවට අපහාස කල රාවණ ලංකා කර්තෘ නිශ්ශංක රිමාන්ඩ්

    By LFNMarch 7, 2024Updated:March 7, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලපත්‍රයක් නොමැතිව වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළ කළැයි අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ කර්තෘවරයා ලබන 20 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (6 වැනිදා) නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රි 10.45 ට පමණ මහයාය, අම්බාවිල, පල්ලේබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගල්කන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක නමැති සැකකරු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

    මෙම සැකකරු විසින් රාවණ ලංකා නිවුස් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවත්, ඔහු විසින් එහි පළ කරන ලද පුවත් මගින් ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේය.

    සැකකරු විසින් සිය වෙබ් අඩවියේ යුද හමුදාපතිවරයාගේ කුස්සියත් ඒ.සී. වැනි ශීර්ෂ පාඨද, තවත් පුවතක් මගින් සෙබළියන් ලිංගික කටයුතුවලට යොදාගන්නා බවත් සඳහන් කරමින් යුද හමුදාපතිවරයාට සහ යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් විවිධ පුවත් පළකර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේය.

    සැකකරු මෙවැනි අපහාසාත්මක පුවත පළකිරීම තුළින් මහජනතාව යුද හමුදාව පිළිබඳ දරන මතය පහළ දැමීමට උත්සාහ කර ඇතැයිද, එමගින් රටේ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් එල්ල කර ඇතැයිද අධිකරණයට දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.

    මෙම සිද්ධියට අදාළව පවත්වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.