Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුමේ ප්‍රමාණය ඉහළට
    Featured

    අස්වැසුමේ ප්‍රමාණය ඉහළට

    By LFNMarch 1, 2024No Comments3 Mins Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම වැඩසටහනට සුදුසුකම් ලබන ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති අස්වැසුම ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ රුපියල් දස දහසකින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීමට අද මා විල්ගමුවට පැමිණ තිබෙනවා. ජනාධිපති ධූරයේ වගකීම මා භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත්ව තිබූ අවස්ථාවකයි. එදා ආර්ථික අර්බුදයන් රට ගොඩගැනීම සඳහා කිසිදු නායකයෙක් ඉදිරියට ආවේ නැහැ. එවැනි බංකොලොත් පරිසරයක් තුළ ජනතාවගේ රැකියා අහිමිවී ජීවත්වීම පිළිබඳ ගැටලු මතුව තිබුණා.”

    “එම නිසා රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා භාරගත්තා. ඒ අනුව ආර්ථික වශයෙන් රට ගොඩනැඟීමට අප කටයුතු කළා. ඉන්පසුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් අප “අස්වැසුම”වැඩසටහන යටතේ මූල්‍ය ආධාර පිරිනැමීමට කටයුතු කළා. ඒ අනුව අස්වැසුම හරහා සමෘද්ධිය මෙන් තුන් ගුණයක ආධාර ජනතාවට ලබා දීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ අවශ්‍ය සියලුදෙනා හඳුනා ගෙන එම ආධාර ලබාදීම අපේ අරමුණයි. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු හඳුනාගෙන කටයුතු කිරීමෙන්මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා.”

    “අපේ රටේ සමෘද්ධිලාභීන් සිටියේ ලක්ෂ 16ක පමණ පිරිසක්. නමුත් අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට රජය කටයුතු කළා. ලබන අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක් ඔවුන්ට හිමි වෙනවා. 2015 වසරේ අගමැතිවරයා ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට මම කටයුතු කළා. නැවත වැටුප් වැඩිකිරීමක් වසර දහයකින් කිරීමට නියමිතව තිබුණත් ආර්ථික පීඩාකාරී තත්ත්වය නිසාම 2024 දී එය සිදු කිරීමට අප තීරණය කළා. ඒ වගේම අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. 1935 සිට ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් බලපත්‍ර ලැබූ සියලුදෙනාට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය හිමි වෙනවා. තමාට ඉඩමේ නීත්‍යානකූල අයිතිය හිමි වීම නිසා දිගු කලක් තිස්සේ එම ජනතාවට මුහුණ දීමට සිදුවූ ගැටලුවට විසදුම් ලැබෙනවා.”

    “උරුමය වැඩසටහන යටතේ ලක්ෂ විස්සකට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. මෙම වසර අවසන් වන විට ඉඩම් ඔප්පු ලක්ෂ දහයක් ලබාදීමට කටයුතු කරනවා. මේ සියලුම වැඩසටහන් යටතේ ජනතාවට සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනගා දීම අපේ අරමුණයි. අස්වැසුම සහ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විශාල වැඩකොටසක් පැවරෙනවා. ජනතාවට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් අප ඒ සඳහා කැපවී කටයුතු කළ යුතුයි.”

    “මේ වැඩසටහන සමඟ රටේ ආර්ථිකය ද අපි පරිවර්තනයකට ගෙන යා යුතුයි. දැන් රටේ ආර්ථිකය ධන වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙනවා. එම නිසා මේ පළාත තුළ ආදායම් මාර්ග වර්ධනය කිරීමට හැකි සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සංචාරක කලාපයක් ලෙස මෙම පළාත දියුණු කළ හැකියි. නවීන කෘෂිකර්මාන්ත භාවිතය සහ අපනයන කුළු බඩු කර්මාන්තය සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. කොකෝවා සහ කෝපි වගාවන් සඳහා නව ආයෝජකයන් සහිතව නව වගාවන් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවත නඟාසිටුවීමට අප බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.