Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදා කඳවුරේ සෙබළාගේ මරණයට සෙබළුන් 4ක් අත්අඩංගුවට
    Featured

    හමුදා කඳවුරේ සෙබළාගේ මරණයට සෙබළුන් 4ක් අත්අඩංගුවට

    By LFNFebruary 28, 2024No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී මියගිය හමුදා සෙබළෙකුගේ මරණයට අදාළව සැකපිට එම කඳවුරේම සෙබළුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද හමුදා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් එම සෙබළුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    හමුදා කඳවුරේ පොකුණක තිබී මියගිය හමුදා සෙබළාගේ සිරුර පසුගිය ජනවාරි මාශයේදී සොයාගනු ලැබීය.

    මියගිය හමුදා සෙබළා දොඹගොඩ යුද හමුදා කඳවුරේ යුද උපකරණ බලකායේ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබුණි.

    24 හැවිරිදි වියේ පසුවන තරිඳු ලක්ෂාන් ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකපිට අත්අඩංගුවට ගත් සෙබළුන් සිව්දෙනා සමග මියගොස් ඇති හමුදා සෙබළා කඳවුර තුළ මත්පැන් සාදයක් පවත්වා ඇති බවය.

    අනතුරුව ඔවුන් විසින් කඳවුර තුළ ඇති පොකුණේ තරගයට පිහිනීමට යෝජනාවක් ගෙනවිත් ඇති බවත් එහිදී මියගොස් ඇති සෙබළා පොකුණට බැස පිහිනායමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බවටත් පොලීසිය සැකපළ කරයි.

    එම අවස්ථාවේදී සැකකාර සෙබළුන් ඒ පිළිබඳව කිසිවෙකුටත් නොදන්වා මියගිය හමුදා සෙබළාගේ ජංගම දුරකථනය ද පොකුණට විසිකර දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    ඊට පසුදින (ජනවාරි 28) මියගොස් ඇති සෙබළා ශාරීරික අභ්‍යාස පෙළපාලියට නොපැමිණීම හේතුවෙන් ඔහුව සෙවීමට හමුදාව තීරණය කර ඒ පිළිබඳව ඔහුගේ නිවසට ද දැනුම්දී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සෙබළුන් සිව්දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

    අඟුරුවාතොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.