Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම ඇරඹේ
    Featured

    කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම ඇරඹේ

    By LFNFebruary 26, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් අත්සන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබේ.

    එම විශ්වාසභංග යෝජනාව තුළින් මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බව මෙහි සඳහන් වේ.

    එසේම එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණ අනුව කටයුතු නොකර ඇති බවත් එසේ කටයුතු නොකිරීම නිසා දැනට එම පනත පවතින ආකාරයෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් ලැබී ඇත්ද යන්න පිළිබඳ බලවත් ප්‍රශ්නයක් නැගී ඇති බවත් 2024.02.08 වැනි දින කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද සඳහන් කර තිබේ.

    එසේම මෙම පනත තුන්වැනි වර කියැවීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පැහැදිලි බෙදීමක් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් ඡන්දයකින් තොරවම මෙය සම්මත කර ඇති බවත් මෙවැනි ගැටලු රාශියක් තිබියදී ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන තෙක් එම පනත් කෙටුම්පත නීතියක් වන ලෙස අත්සන් නොකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් කටයුතු කර තිබීමත් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වී තිබේ.

    කථානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කිරීම, කථානායක ධුරයේ ස්වාධිනත්වය හා ගෞරවය කෙළෙසීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැර ඇති බව පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.