අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු ද මේ හා සමගාමී ව සිදු කිරීමට නියමිත බවයි.
ගාල්ල – තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව තාක්ෂණ පීඨ ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේ ය.