Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 22කට පසු ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට
    Featured

    වසර 22කට පසු ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    By LFNFebruary 25, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් 2002 වසරේදී ඝාතනය කර තිබූ අතර ඊට සැකකෙරුණේ ඔහුගේ බිරිඳගේ සහෝදරයා ය.

    එවක 22 හැවිරිදි වියේ පසුවූ සැකකරු ඝාතන සිද්ධියෙන් මාස 3කට පසු පොලිස් අත්අඩංගුවට පත්වී පසුව ඇප මත මුදා හැරුණි.

    ඒ අතරවාරයේ ඔහු රටින් පළාගොස් විදේශගතවී තිබුණි.

    සැකකරු දිගින් දිගටම නඩුවට ඉදිරිපත් නොවීම නිසා සැකකරු නොමැතිව පැමිණිල්ලේ සාක්ෂි මත පමණක් පදනම් කරගෙන ක්‍රියාත්මක වූ නීති කෘත්‍යයේදී රත්නපුර මහාධිකරණය 2019දී තීන්දු කළේ, සැකකරුට මරණ දඬුවම නියම කිරීමටය.

    කෙසේවෙතත් විදේශ රටවල සංචාරය කළ සැකකරු මේ වසරේ ජනවාරි මස යළි දිවයිනට පැමිණ බෝපත් ඇල්ල – අගලවත්ත ප්‍රදේශයේ අත්හැර දැමූ නිවසක රහසිගතව ජීවත්වී තිබේ.

    සැඟව සිටින මෙම සැකකරු සම්බන්ධයෙන් කුරුවිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. උදයශාන්ත මහතාට තොරතුරක් ලැබී ඇත්තේ ඒ අතරවාරයේදීය.

    වහා ක්‍රියාත්මක වූ පොලීසිය ඊයේ රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අනුව තම අක්කාගේ ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, වසර 22කට පසුවය.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.