මෙරට පොලීසියට අවශ්‍ය ව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව ඇති බවට එරට ආරංචිමාර්ග පවසයි.
ඒ අතර බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් කියන ඌරගහ මයිකල් නැමැත්තා ද සිටින බව වාර්තා වේ.
මේ අතර, මීට වසර 10කට පමණ පෙර බොරැල්ල ප්‍රදේශයේ දී කොණ්ඩා කපන ස්ථානයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට පවරා ඇති නඩුවේ නඩු භාණ්ඩ කිහිපයක් බොරැල්ල පොලීසිය භාරයේ තිබිය දී අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් සිදු කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර ඇත.
එම නඩුව ලබන මැයි 06 වනදා දක්වා කල්තැබූ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු සහ හත් වන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කර තිබේ.
2014 වසරේ අගෝස්තු පළමු වනදා හෙට්ටිආරච්චිගේ දුමින්ද හෙවත් චානක නැමැත්තාව වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ දෙමටගොඩ චමින්ද, එස්.එෆ් සරත් ඇතුළු සිව් දෙනෙකුට නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.