Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්
    Featured

    රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

    By LFNFebruary 20, 2024No Comments3 Mins Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන් හි සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (19) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අතර එම අවස්ථාවේ දී එම ඉල්ලීම සිදුකළේය.

    එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ, රටේ සංවර්ධන ඉලක්කයන් සපුරාලීමට, නාස්තිකාර වියදම් අඩුකර ගැනීමට, තීරණ ගැනීමේදී සිදුවන යම් යම් අසාධාරණකම් දැක දැක එවැනි තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කැපවෙන ලෙසය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

    “තමන්ගේ දක්ෂතාවය හා ජ්‍යෙෂ්ඨත්වය උඩ සුදුසුකම් ලබා තිබෙන ඔබ සියලුදෙනාට ඔබගේ සතුට සමග අපගේ සතුට, ආශිර්වාදය එක් වෙනවා. රාජ්‍ය සේවයේ වගකීම සාමාන්‍ය පෞද්ගලික සමාගමකට වඩා බරපතළයි.

    රාජ්‍ය සේවයට ඇතුළුවන මොහොතේ සිට රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තු, ආයතන සහ මුළු මහත් රාජ්‍ය සේවයේ කටයුතු සමඟින් ඔබ සියලුදෙනා රට වෙනුවෙන් සේවයට එක්වෙනවා. එම ගැඹුරු වගකීම ඉටු කිරීම සඳහා වූ ගමනේ සියලු කර්තව්‍යන්ට පූර්ව සූදානම් වීමේ වැදගත් කොටසක් තිබෙන බව මතක් කරන්නට කැමතියි. අපි සාකච්ඡාවකට යනකොට හෝ උදව් කරනකොට ඒ පිළිබඳ මූලික සූදානමක් තිබිය යුතුමයි. ඒ සඳහා වූ තොරතුරු එක් රැස්කර ගත යුතුයි. වැඩ කල්දැමීම නොව හැකි ඉක්මනින් ඊට සූදානම් වීමේ කර්තව්‍යයට පිවිසිය යුතුයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2024 වර්ෂය තුළ සංවර්ධනයේ තවත් අඩියක් ඉදිරියට තිබෙන වසරක් බවට පත් කරන්නට කැප වී අයවැය ‍ලේඛනයක් ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමට අද දින මේ පැවරෙන වගකීමේ සාර්ථකත්වය ඔබෙන් අපේක්ෂා කරනවා. සෘණ තත්ත්වයේ තිබුණ ආර්ථික සංවර්ධනය ධන තත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා. රටේ ජනතාවගේ, රාජ්‍ය සේවයේ, රාජ්‍ය සේවයට අයත් නොවන ගොවි ජනතාවගේ සහයෝගය මතයි මේ කර්තව්‍යය ඉටුවී තිබෙන්නේ. වැඩි වැඩියෙන් රටේ සංවර්ධනයේ ඉලක්කයන් සපුරාලීමට, නාස්තිකාර වියදම් අඩුකර ගැනීමට, තීරණ ගැනීමේදී සිදුවන යම් යම් අසාධාරණකම් දැක දැක එවැනි තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කැපවෙන ලෙස රජය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

    මෑත කාලයේ මැලේසියාව ආර්ථික වශයෙන් කඩා වැටුණා. එරට ආයෝජනය කළ දැවැන්තයන් මැලේසියානු ආයෝජනයෙන් ඉවත් වෙලා යන නිසා. නමුත් මැලේසියාව ඒ අර්බුදයට සාර්ථකව මුහුණ දුන්නා. තමන්ගේ ශක්තින් එකතු කරලා මැලේසියානු ආර්ථිකය, මැලේසියානු රාජ්‍යය පරිපාලනය ඉතාම දියුණු තත්ත්වයකට ගෙනාවා.

    ජනාධිපතිතුමා ප්‍රකාශයට පත්කළ නව වැඩපිළිවෙළ රාජ්‍ය පරිපාලනය හරහා ඉදිරියට ගමන් කරන්නට පළාත් පාලනය, රාජ්‍ය පුස්තකාලයාධිපති සේවය එකතු වෙනවා. ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවය හා රාජ්‍ය පුස්තකාල සේවයට අතිරේකව පරිපාලනයට සම්බන්ධව තිබෙන අපේ රටේ පළාත් පාලන පුස්තකාල මීට වඩා දියුණු විය යුතුයි. එය දියුණු කර ගැනීමට පුළුවන් නිර්මාණශීලීභාවය ඇති කරන්න. 2024 ඔබ එකතු වන පළාත් පාලන හෝ රාජ්‍ය පුස්තකාලයන් 2023 මට්ටමින් බලන්න එපා. මෙම වසර අලුත් දෙයක් එකතු කිරීමේ වසර බවට පරිවර්තනය කිරීමේ අධිෂ්ඨානයෙන් වැඩ කටයුතු අරඹන්න.

    රාජ්‍ය සේවයට ඇතුළු වෙනකොට පක්ෂ හිතවත්කම් තියෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය සේවයේ කර්තව්‍ය රටේ යහපත පිණිස අරගන්න. මේ දුෂ්කර කාල පරිච්ඡේදයෙන් අපි එළියට එන වෙලාවේ එය සාර්ථකව ඉදිරියට ගමන් කරවන්නට ඔබ සැමගේම සහය ලබා දෙන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 202601 Views

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය…

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.