Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සරත් ෆොන්සේකා ගැන සජබයට වාරණ නියෝගයක්
    Featured

    සරත් ෆොන්සේකා ගැන සජබයට වාරණ නියෝගයක්

    By LFNFebruary 19, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු වෙත මෙම වාරණ නියෝග නිකුත් කළේය.

    මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බල පැවැත්වේ.

    පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ, කරුණු දක්වමින් හිටපු හමුදාපති දයාරත්නායක සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළවී තිබූ බව සඳහන් කළේය.

    එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවා දායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සමගි ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් සරත් ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 20250105 Views

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.