සාම්ප්‍රදායික දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹ ඇති බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ඊයේ (17) පස්වරුවේදී පැවැත්වුණි.
මෙම සමුළුව සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී පාලිත කොහොන, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.