Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 2025

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආදුරුප්පුවීදිය සිද්ධියට සැක තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    ආදුරුප්පුවීදිය සිද්ධියට සැක තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNFebruary 16, 2024No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආදුරුප්පුවීදිය පොලිසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට වස ලබාදීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් තිදෙනාගෙන් අයෙක් වස අඩංගු කෑම පාර්සලය හුවමාරු කළ අයෙක් වන අතර අනෙක් දෙදෙනා වස පොලිසිය තුළට රැගෙන ගිය පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් සැලසූ දෙදෙනෙකි.

    සිද්ධිය සිදු වූ පසුගිය ජනවාරී 24 වනදා මෙම රෝස පැහැටි ටී ෂර්ටයෙන් සැරසී සිටින පුද්ගලයා විසින් වස මිශ්‍ර ආහාර පාර්සලය මෙම පුද්ගලයාට ලබාදෙන්නේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ පිහිටි ආපන ශාලවක් අසලදීය.

    අනතුරුව ඔහු එය රැගෙන කොටහේන ප්‍රදේශයට පැමිණෙන අයුරුද CCTV කැමරාවල පටිගතව ඇත.

    පසුව එම පුද්ගයා අදාළ කෑම පාර්සලය ජම්පටා පටුමගේ පිහිටි කෝවිල අසළදී පොලීසිය තුළට රැගෙන ගිය පුද්ගලයාට ලබාදී තිබේ.

    අනතුරුව ප්‍රධාන සැකකරු විසින් ඔරුගොඩවත්ත ලූකස් ප්‍රදේශයට ගොස් සිය මිතුරන් දෙදෙනෙකු සමග පැමිණ 143 බස් රථයකට ගොඩවන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබුණි.

    පොලිසිය පැවසුවේ මෙම සියලු ක්‍රියාවක් විදෙස්ගතව සැඟව සිටින කුඩු සෙල්විගේ පුත්‍රයෙකු වන පලනි රිමෝෂන් විසින් මෙහෙයවා ඇති බවය.

    ඒ අනුව ප්‍රධාන සැකකරුට එම කෑම පාර්සලය ලබාදුන් පුද්ගලයාව හා ඔහුට පලායෑමට උදව්කළ පුද්ගලයන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ

    එමෙන්ම ඔවුන්ට කිසිදු මුදලක් ලබාදී නොමැති අතර මෙය සිදුකළ පුද්ගලයාට රුපියල් 5000ක මුදලක් පමණක් ලබාදී ඇති බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    සැකකරුවන්ව කොළඹ අපරාධ කොට්ඨාසය අද ආදුරුප්පුවීදිය පොලිසිය වෙත භාරදී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 20250124 Views

    තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ…

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.