Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විරෝධය මැද ජල ව්‍යාපෘතිය විවෘත කළ ජනපති කී කතාව
    Featured

    විරෝධය මැද ජල ව්‍යාපෘතිය විවෘත කළ ජනපති කී කතාව

    By LFNFebruary 16, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජයිකා ආයතනයේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක වූ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ මහකනදරාව ජල පවිත්‍රාගාරයේදීය.

    කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පිරිසක් උත්සව භුමිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ ව්‍යාපෘතිය හේතුවෙන් තම ප්‍රදේශයේ ජල හිඟයක් ඇතිවන බවට චෝදනා කරමිනි.

    විරෝධතාවට සහභාගී වූ පිරිස් ඉවත් කිරීමට යාමේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

    අනතුරුව මෙම ගැටලුව පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා ගම්වාසීන් පිරිසකට අවස්ථාව හිමිවිය.

    විරෝධතාව අතරවාරයේ ජනාධිපතිවරයා විසින් ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “සමහර අය ඇවිත් උද්ඝෝෂණය කරලා ගෙදර යනවා. බිරිඳ අහයි ඇයි එහෙම කළේ මං කොහොමද වතුර ගන්නේ කියලා. දෙගොල්ලොන්ටම අපි ප්‍රශ්නය විසඳලා දෙනවා ගොවිතැන් කරන අයට වගේම පානීය ජලයත් ඕනේ වකුගඩු රෝගය වළක්වන්න පානීය ජලය ඕනේ කෘෂිකර්මයට අවශ්‍ය ජලය නැති වෙයි කියලා සමහර අයට සැකයක් එහෙම දෙයක් නොවෙන්න වගබලා ගන්නවා ආර්ථිකය කඩා වැටුණ නිසා මුකුත් කරන්න බැරි වුණා මේක කොහොම හරි අවසන් කළා අපි දැන් ඉඩම්වල අයිතියත් දෙනවා බලපත්‍ර තියෙන ඒවටත් සින්නක්කර අයිතිය දෙනවා කොළඹ තට්ටු නිවාසවලත් අයිතිය දෙනවා වැව්වල විදුලි බලාගාර ඇතිකිරීම ගැන සාකච්ඡා කරනවා අතිරික්තයක් තියෙන නිසා ඉන්දියාවට විකුණන්න පුළුවන් නැත්නම් හරිත ඔක්සිජන්, ඇමෝනියා හදන්න පුළුවන් නව ආර්ථිකයකින් හැමෝටම හොඳ අනාගතයක් ඇති කරනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.