Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංගම බස් සේවකයින්ට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්
    Featured

    ලංගම බස් සේවකයින්ට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

    By LFNFebruary 9, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංගම බස් සේවනයින් සිව් දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    හයිලෙවල් මාර්ගයේ ධාවනය කරමින් තිබූ හෝමාගම ඩිපෝවට අයත් බස් රථ දෙකක රියදුරන් දෙදෙනෙකුට සහ කොන්දොස්තරවරයන් දෙදෙනෙකුට මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි.

    සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

    මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ පදියතලාව කෙහෙල්උල්ල කඩුපාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රදීප් අමරතුංග නමැති පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් සහ පෞද්ගලික වේලා දැනුම්දෙන්නෙකු වන තුන්නාන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි හර්ෂ සඳුන් නමැත්තෙකි.

    සැකකාර පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයා අවිස්සාවේල්ල ප්‍රදේශයේදී තවත් බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 13 වනදා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කළාය.

    මේ අතර තම සහෝදර බස් රථ සේවකයින්ට දිගින් දිගටම සිදුවන පහරදීම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් හෝමාගම බස් ඩිපෝවේ සේවකයින් පිරිසක් අද හෝමාගම කැන්දලන්ද බස් ඩිපෝව ඉදිරිපිටදී විරෝධතාවය නිරත වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202604 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.