Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විල්පත්තුවේ තවත් වන විනාශයක් සොයන්න ගිය පාහියන්ගල හිමිට ජනතා විරෝධය
    Featured

    විල්පත්තුවේ තවත් වන විනාශයක් සොයන්න ගිය පාහියන්ගල හිමිට ජනතා විරෝධය

    By LFNFebruary 7, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් සහ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අතර ඊයේ (06) ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.

    ඒ, කෝමාරිකා වගාවක් සිදුකරන මුවාවෙන් විල්පත්තුව වන රක්ෂිතය අනවසරයෙන් හෙළිපෙහෙලි කරන බවට ලැබුණු තොරතුරක් ගැන විමසා බැලීම සඳහා ගිය අවස්ථාවේදීය.

    ඒ අනුව පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් පළමුවෙන් කලා ඔය අඩවි ආරක්ෂක කාර්යාලය වෙත පැමිණ තිබුණි.

    කෙසේවෙතත් තම ගැටලුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස කෝමාරිකා වගා කළ භූමිය නිරීක්ෂණ කිරීම සඳහා පසුව පිටත්වී තිබුණි.

    එහිදී කෝමාරිකා වගා භූමියට පිවිසෙන මාර්ගයේ රැඳීසිටි ගම්වාසින් උන්වහන්සේ ගමන් කළ රථය අවහිර කරමින් දැඩි විරෝධයක් පළ කළේය.

    එහිදී ගැටුම්කාරී තත්ත්වයක් ද ඇතිවුණි.

    එහිදී ගම්වාසීන්ගෙන් එම පිරිසට පහරදීමක් සිදුවූ අතර ස්වාමීන් වහන්සේ සමග මාධ්‍යවේදීන් ගමන් ගත් මෝටර් රථයකට ද පහරදීමක් සිදුවී තිබේ.

    ඒ අනුව ස්වාමීන් වහන්සේ ගම්වාසීන් සමග සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රාජාංගනය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

    ඉන් අනතුරුව පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුළු පිරිස මිහින්තලේ පොලිස් ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කළහ.

    එම අවස්ථාවට මිහින්තලේ නායක හිමි වලවාහැන්ගුණු වැවේ ධම්මරතන හිමිද සහභාගි වූයේ පාහියන්ගල හිමියන්ගේ ඉල්ලීම පරිදිය.

    එම අවස්ථාවේදී මිහින්තලේ නායක හිමි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට දුරකථන ඇමතුමක් දී සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.