Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම තුන්වැනි පාරටත් පමා කරයි
    Featured

    ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම තුන්වැනි පාරටත් පමා කරයි

    By LFNFebruary 1, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අභිලාෂයන් කැඳවීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව නැවත වරක් දීර්ඝ කිරීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය තීරණය කර තිබේ.

    ඒ අනුව ශ්‍රීලංකන් පෞද්ගලීකරණය ක්‍රියාවලිය ඇරඹු දින සිට අභිලාෂයන් කැඳවීමේ සීමාව දීර්ඝ කළ තුන් වැනි අවස්ථාව මෙය වෙයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පමාවන බව සලකුණු කරමින් ඒ සඳහා ආයෝජකයන්ට යෝජනා ඉදිරිපත් කළ හැකි කාලසීමාව තුන් වන වරටත් දීර්ඝ කර තිබේ.

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වැදගත් ඉදිරි පියවරක් ලෙසින් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අභිලාෂයන් කැඳවීම පසුගිය වසරේ ඔක්තෝබර් 31වැනිදා සිදුකෙරුණු අතර එහිදී අභිලාෂයන් කැඳවීමේ අවසන් දිනය දැක්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වැනිදා ලෙසය.

    කෙසේවෙතත් ප්‍රමාණවත් ආකර්ෂණයක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා අභිලාෂයන් කැඳවීම ඉන් අනතුරුව දෙසැම්බර් 18 වැනිදා දක්වාත්, පසුව මේ වසරේ ජනවාරි මස 09 වැනිදා දක්වාත් දීර්ඝ කිරීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය තීරණය කළේය.

    ඒ අනුව දැන් එය තුන්වැනි වතාවටත් මේ වසරේ පෙබරවාරි මස 16 වැනිදා දක්වා නැවත දීර්ඝ කර ඇති බවෙ වාර්තා වෙයි.

    රජය සතු පාඩු ලබන ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය යටතේය.

    කෙසේවෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය කාලය තුළ මූල්‍ය දුෂ්කරතා රැසකට මුහුණ පෑ අතර මේ වනවිට ගුවන් සේවය රජයේ මූල්‍ය සහායක් නොමැතිව පවත්වාගෙන යනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.