Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආධුනික නීතිඥවරයෙකුට අමානුෂික ප්‍රහාරයක්
    Featured

    ආධුනික නීතිඥවරයෙකුට අමානුෂික ප්‍රහාරයක්

    By LFNFebruary 1, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආධුනික නීතිඥවරයෙකුට මහමගදී පහරදුන් තවත් නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු 5 දෙනෙකු ඊයේ අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

    සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහරින ලෙසටය.

    සැකකරුවන් විසින් මෙලෙස පහරදී ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණ නීතිඥවරයෙකුට බව පොලීසිය පවසයි.

    මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පහරකෑමට ලක්ව ඇති ආධුනික නීතිඥවරයා සහ ජ්‍යේෂ්ඨ නීතිඥවරියක් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවය.

    අනතුරුව වෙනත් ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ පහරකෑමට ලක්ව ඇති තරුණ නීතිඥවරයා කළගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් තිබේ.

    අනතුරුව බහින්බස්වීම සිදුවූ ජ්‍යේෂ්ඨ නීතිඥවරියගේ නිවස ආසන්නයේදී අදාළ සැකකාර නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බව තරුණ නීතිඥවරයා පවසා ඇත.

    එහිදී ඔවුන් විසින් ජ්‍යේෂ්ඨ නීතිඥවරියගෙන් සමාව ගන්නා ලෙසට තමන්ට තර්ජනය කළ බවත් ඒ අනුව තමන් එම ජ්‍යේෂ්ඨ නීතිඥවරියගෙන් සමාව ගැනීමෙන් අනතුරුව නැවත අධිකරණ භූමිය වෙත ගෙනවිත් දැමූ බවත් ඔහු සඳහන් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.