කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා ඇප මත මුදාහැර තිබේ.
සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අතරතුර එහි කනිෂ්ඨ සේවිකාවකට පහරදුන් බවට වූ චෝදනා මත කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
කෙසේ වෙතත් ඇතිවූ හෘදයාබාධයක් මත වෛද්‍යවරයාට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට අධිකරණය අවසර ලබා දුන් අතර අද ඔහු නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටය.
මේ අතර රෝහලේ ඇතිවූ නොසන්සුන්තාවට අදාළව කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයින් දෙදෙනෙකු සහ සේවිකාවකද ගාල්ල පොලීසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගනුලැබූ අතර ඔවුන් ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එදින සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.